
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් )
මීට වසර දෙකකට පමණ පෙර පිහියකින් ගැන තුවාල සිදුකළයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් මත පෙරේදා (25) පුද්ගලයෙකුට පිහියෙන් යන ඝාතනය කර ඇතැයි ග්‍රෑන්ඩ් පාස් පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ කොලොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි උදය කුමාර් (50) නැමැති පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා වදුල්ලවත්ත ප්‍රදේශයේ තිරෝද රථ ගාලක් අසල සිටියදී එම ස්ථානයට පැමිණ තිබූ සැකකරු මියගිය පුද්ගලයා සමග ආරවුලක් ඇති කරගෙන පිහියකින් ඇන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයා විසින් සැකකරුට මීට වසර දෙකකට පමණ පෙර පිහියකින් යන තුවාල සිදු කර ඇතිබව පොලිසිය කියයි. කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල මහතාගේ උපදෙස් පරිදි ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එස්. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශ්ශංක විජයරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැරණි ආරවුල දුරදිග ගිහින් පිහියෙන් ඇනලා