IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පරාජිතයන් යළි මැතිවරණ පිටියට

(සුජිත් හේවාජුලිගේ)

පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත් වූ අපේක්ෂකයන් දෙදහසකට ආසන්න පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට  තරඟ වැදීමට අදහස් කරගෙන සිටින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි

මින් වැඩි පිරිසක් පසුගිය මහ මැතිවරණයට තරග කළ ස්වාධීන කණ්ඩායම් වල අපේක්ෂකයෝ වෙති.

පළාත් පාලන ආයතන වෙනුවෙන් මීට පෙර කැඳවූ නාමයෝජනා අහෝසි කෙරුණු හෙයින් මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට එම ආයතන වෙනුවෙන් ඉදිරිපත් වීමට මෙසේ අවස්ථාව සැලසී ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ පසුගිය මහ මැතිවරණයට සමහර අපේක්ෂකයන් ඉදිරිපත් වූයේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ප්‍රසිද්ධියක් ලබා ගැනීම  සඳහා බවයි.

මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා මෙයට පෙර නාම යෝජනා දුන් පිරිසෙන්  හාරදහසකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව දැනගන්නට ඇත.

එසේම තවත් අපේක්ෂකයන් දෙසීයකට වැඩි පිරිසක් මියගොස් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මහ නගර සභා විසි හතරක්ද නගර සභා 41ක්ද ප්‍රාදේශීය සභා  275ක්ද සඳහා මන්ත්‍රීවරුන් 8711 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා පළාත් පාලන මැතිවරණය ළගදීම  පැවැත්වේ.

පළාත් පාලන  මැතිවරණයට මුලින් නාමයෝජනා කැඳ වූ අවස්ථාවේදී අපේක්ෂකයෝ 80672ක්  ඊට ඉදිරිපත් වූහ.



අදහස් (1)

පරාජිතයන් යළි මැතිවරණ පිටියට

Perera Monday, 23 December 2024 09:29 PM

ඔය කාටවත් ඡන්දයක් දෙන්න එපා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site