IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට අවශ්‍ය නම් නව නීති ගේනවා

(ඩයනා උදයංගනී)

උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන මුවාවෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට නව අණ පනත් හා නීති අවශ්‍ය නම් ඒ සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාට උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදුවන්නේ නම් රටේ ජන ජීවිත හා දේපල ආරක්‍ෂා කිරීමේ වගකීමක් රජයට තිබෙන බව කී ඇමතිවරයා එවැනි ක්‍රියා වැළැක්වීමට අලුත් නීති හෝ සම්මත කළ යුතු නම් එසේ කළ යුතු බව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බව ද සඳහන් කළේය.

ව්‍යවස්ථාදායකයට, විධායකයට නිදහසේ වගකීම් ඉටු කළ නොහැකි තත්වයක් මතුවුණොත් අවශ්‍ය පියවර ගන්නා බව ද ඇමතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.



අදහස් (6)

ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට අවශ්‍ය නම් නව නීති ගේනවා

susantha Tuesday, 04 October 2022 05:57 PM

උද්ඝෝෂණ නවත්වන්න නෙවෙයි, තක්කඩි ඇමැතිලා හොරාකන එක නවත්වන්න නීති ගේන්නකෝ... එතකොට උද්ඝෝෂණ වලට වැටවල් බඳින්න ඕනෑ වෙන්නේ නෑ.

:       0       1

anil Tuesday, 04 October 2022 06:56 PM

රට පාලනය කරන්න කියලා එන නායකයෝ ආපු දවසේ ඉඳන් හොරාකන්න පටන් ගන්නේ නැතුව හරියට රට පාලනය කරනවා නම්, ඔය වගේ මිනිස්සු අවංකවම කරන උද්ඝෝෂණ වලට ප්‍රචණ්ඩක්‍රියා ලේබල් අලවාගෙන ජෝගි නටන්න ඕනෑ නැහැ ඇමතියෝ..!

:       0       1

Rocky Wednesday, 05 October 2022 05:37 AM

අනීතික දරදඬු නීතිවලින් බඩගින්න මට්ටු කළ නොහැකිය.

:       0       1

Sunil Wednesday, 05 October 2022 06:30 AM

මැයි 09 දා මහින්දගේ මැරයින් බිහිසුණු ප්‍රචණ්ඩකාරිත්වයක් දක්වනතුරු අරගලකරුවන් ඉතාම සාමකාමීව සිටියා. මේ ප්‍රචණ්ඩත්වය ඇතිකළේ දුර්දාන්ත රජයයි. රනිල් එය තව ඉදිරියට ගෙනියනවා.

:       2       0

Perera Wednesday, 05 October 2022 09:18 AM

රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීමටත් ඔය හා සමාන නීති ගෙනාවද?

:       2       0

sam Wednesday, 05 October 2022 12:25 PM

සුදුළූණු කන්ටේනර් පිටින් හොරා කෑවටයි. ඝාතන, වදහිංසා වලට මුකුත් නීති, අණපනත් ගැන කිව්වේ නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site