IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සජබ අයට දඬුවම්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයේ අය ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නම් තරාතිරම නොබලා ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ කර නිසි පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය.

නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන්ට වන්දි දෙන්නට පෙර  ගෑස් ටැංකි පිපිරීමෙන් සහ වගා හානියට පත්වූ පත් වූ ගොවීන් සඳහා වන්දි ලබා දෙන්නේ නැද්දැයි විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

පසුගියදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිද්ධි පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීය.



අදහස් (4)

ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සජබ අයට දඬුවම්

AB Wednesday, 18 May 2022 02:51 PM

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අඳුරු අවස්ථාවන් ගණනාවක් අප දැක තිබේ. පාර්ලිමේන්තුව තුළ භික්ෂූන්ට පහරදීම, මිරිස්කුඩු ඉසීම, සෙංකෝලය පැහැරගෙන යාමේ සිට කතානායකවරයාගේ අසුනට ජලය දමා එම අසුන පෙරලා දැමීමේ සිට ඊයේ දිනය දක්වා සිදුවූ සිද්ධීන් දාමය සහ රට දැවැන්ත ආර්ථික, සමාජීය අර්බුදයකට මැදිව තිබෙන්නා වූ අවස්ථාවක සියලුදෙනා එක්ව විසඳුම් සොයනවා වෙනුවට පාර්ලිමේන්තුවක් තුළ ඔවුනොවුන්ගේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් අවසානයක් නොමැති, විසඳුම් නොමැති දේශපාලන අර්බුද නිර්මාණය කරගනිමින් සිටියි. රටේ ජනතාව මේ වනවිට සිටිනුයේ දැඩි ආර්ථික, සමාජීය පීඩනයකින් වේ. මෙම අර්බුදය රටේ ජනතාව නිර්මාණය කරනලද අර්බුදයක් නොවේ. ජනතාව වෙනුවෙන් සේවය කිරීම පිණිස පාර්ලිමේන්තුවට පත්කළ දේශපාලකයින්ගේ පරිපාලනය නිසා සිදුවූවකි. මේ වනවිට 225ද, නොඑසේනම් 22.5 මිලියනයද කියා ජනතාව ඔවුනොවුන් තර්ක කරමින් සිටියි. එම නිසා ඇමෙරිකාවේ සිදුවූ " Capitol Riot " වැනි සිදුවීමක්, හානියක් ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිදුනොවීමට 225ම වගබලා ගැනීම ඔවුන්ගේ යුතුකමකි...

:       0       28

Pradeep Kumara Wednesday, 18 May 2022 03:10 PM

සජබ කට්ටිය ප්‍රචණ්ඩත්වයට ආධාර අනුබල දුන්නෙත් නෑ. එයාලාට කවුරුත් කරදර කළේත් නෑ. මොකද එයාලා හරිම අහිංසක කට්ටියක්නේ...

:       9       23

fairoos Wednesday, 18 May 2022 04:46 PM

ඉතාම හොඳ තීරණයක්

:       5       13

Bamunuarachchi Thursday, 19 May 2022 09:02 AM

ගමේ ගෙවල් ගිනිතියපු මගොඩිස්ට විරුද්දව ඔබලා ක්‍රීයා කොරන්නේ කොහොමද? රටේ ඔබලාට වෙනම නීතියක් තිබෙනවාද? ඔබලා දඬුවම් කොරන්නේ කොහොමද? මොනවාද දෙන දඬුවම්? ඒගැන පරීක්ෂණ පොලිස්සිය කරාවි. ඔබලා පැත්තකට වෙන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 237 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 430 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site