IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පරිගණක ක්‍රිඩාව මානසික රෝගයක්

(සුජිත් හේවාජුලිගේ)

අන්තර්ජාලයට හෝ පරිගණක ක්‍රීඩාවලට තදින්ම ඇබ්බැහිවීම ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් මානසික රෝගයක් ලෙස පිළිගෙන ඇතැයි විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ලංකාදීපයට පැවසීය.

අන්තර්ජාලයට පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම හා සමාන බවද හෙතෙම සඳහන් කළේය.

දරුවන් එක දිගට පැය දෙකකට වඩා අන්තර්ජාලයේ සිටින්නේ නම් ඔවුනට මානසික වශයෙන් සිදුවන හානිය ඉතා වැඩි බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා අන්තර්ජාලයට තදින්ම ඇබ්බැහි වුනු දරුවන් සිටින්නේ නම් ඔවුන් සම්පූර්ණයෙන්ම දුරකථනයෙන් ඉවත් කිරීම වැදගත් බවද සඳහන් කළේය.

වයස පහට අඩු දරුවන්ට ජංගම දුරකථන පරිගණක නොදිය යුතු බවත් වයස පහළොවට වැඩි අයට ඒවා ලබාදිය යුත්තේ මව්පියන්ගේ දැඩි අධීක්ෂණය යටතේ බවත් රූමි රූබන් මහතා කීවේය.

එසේම ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ අයට එවැනි උපකරණ කෙසේවත් නොදිය යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.

ජංගම දුරකථන වලට පරිගණකගතවලට අධික ලෙස ඇබ්බැහි වී සිටින්නේ නම් මුල් අවස්ථාවේදීම ගලවා ගතයුතු බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා විවිධ මානසික පීඩනයන්ට ලක්වී සිටින දරුවන් වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වීම වැඩි බවද සඳහන් කළේය.

වීඩියෝ ක්‍රීඩා එක දිගට නැරඹීමෙන් දරුවන්ගේ හැසිරීම ප්‍රචණ්ඩකාරී වන බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පැවසූ රූබන් මහතා එසේ ඇබ්බැහිවන දරුවන්ගේ එම කටයුතු වලට විරුද්ධ වන මවුපියන් පවා ඔවුන් දකින්නේ හතුරන් පිරිසක් ලෙස බවද සඳහන් කළේය.

දරුවන් අන්තර්ජාලයෙන් සහ වීඩියෝ ක්‍රීඩාවලින් ගලවා ගැනීම සඳහා විශේෂ විද්‍යාත්මක වැඩපිළිවෙලක් හඳුන්වාදීම ඉතා වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

 



අදහස් (3)

පරිගණක ක්‍රිඩාව මානසික රෝගයක්

Thilan Wednesday, 26 June 2024 08:44 AM

මේ වගේ කතා කියන අයටත් මානසික ලෙඩ තමයි.

:       25       4

KabeerWednesday, 26 June 2024 10:11 AM

මූ මොකෙක්ද?

:       14       5

Lankabarana Wednesday, 26 June 2024 09:07 AM

ඇත්ත රූපවාහිනී නොතිබුණු ඉස්සර කාලයේ සෑම සියලු දෙනාම ගුවන් විදුලිය අසා රසවින්දා මුවන්පැලැස්ස වගේ නාට්‍ය චිත්ත රූප මවාගෙන බැලුවා එයින් සැමගේ කල්පනා ශක්තිය වර්ධනය වුනා ඒත් රූපවාහිනී ආවට පස්සෙ දරුවන්ගේ කල්පනා ශක්තිය නැතිවුණා දැන් ස්මාර්ට් ෆෝන් එක නිසා රූපවාහිනී වලටත් වඩා හානියක් වෙනවා මේවා නැවැත්වීමට කටයුතු නොකලොත් මහා විනාශයක් සිදුවීම වළක්වන්න බැහැ

:       1       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site