IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


පැය 24 ක් යන්න කලින් තවත් මරණයක්

පළමු ‘වඳුරු උණ’ මරණය වාර්තා වී පැය 24 ක් ගතවීමට පෙර ස්පාඤ්ඤයෙන් දෙවැනි ‘වඳුරු උණ’ මරණය ද වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ පැවැසීය. ඒ අනුව, මේ වනවිට අප්‍රිකාවෙන් පිට ‘වඳුරු උණ’ මරණ වාර්තා වීමට පටන්ගෙන තිබේ.

අප්‍රිකාවෙන් පිට පළමු ‘වඳුරු උණ’ මරණ ලෙස ස්පාඤ්ඤයෙන් එක් මරණයක් සහ බ්‍රසීලයෙන් එක් මරණයක් බැගින් වාර්තා වූයේ අද (30) උදෑසනය. කෙසේ නමුත් ස්පාඤ්ඤ සෞඛ්‍ය අංශ අද (30) සවස වාර්තා කළේ තවත් ‘වඳුරු උණ’ මරණයක් සිදුවුණු බවය. ඒ අනුව අප්‍රිකාවෙන් පිට වාර්තා වන සමස්ත ‘වඳුරු උණ’ මරණ ගණන 3 කි.

ගෝලීය හදිසි තත්ත්වයක් නිර්මාණය කළ, ‘වඳුරු උණ’ හෙවත් ‘වඳුරු පැපොල’ (මන්කි-පොක්ස්) අප්‍රිකාවට ආවේණික වයිරසයකි. වයිරසය පළමුවෙන් මිනිසුන්ට බෝ වීමට පටන්ගෙන ඇත්තේ අප්‍රිකාවේ වඳුරන්ගෙනි.

අදවනවිට ගෝලීය හදිසි තත්ත්වයක් නිර්මාණය කළ, ‘වඳුරු උණ’ වසංගතය ආරම්භ වූයේ මෙම වසර මුලදීය. රටවල් 75 කට වඩා වයිරසය ව්‍යාප්ත වී ඇති අතර, ආසාදිතයන් ගණන 17,000 පසු කර තිබේ. ‘වඳුරු උණ’ මෙසේ අසාමාන්‍ය ලෙස සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම වෛද්‍ය පර්යේෂකයන් මවිත කිරීමට ද හේතුවක් වී ඇත.

ගෝලීය වසංගත තත්ත්වය ආරම්භ වූ දිනයේ පටන් මේ දක්වා අප්‍රිකාවෙන් පිට කිසිදු මරණයක් වාර්තා නොවිණි. අප්‍රිකානු රටවලින් වාර්තා වූ මරණ ගණන 5 ක් පමණි.

‘වඳුරු උණ’ ව්‍යාප්තිය වැඩියෙන්ම සිදුවන්නේ යුරෝපා රටවලය. ඇමෙරිකන් වෛද්‍යවරුන්ට අනුව 'වඳුරු උණ' පිරිමි සමලිංගිකයන් අතරේ බහුලව ව්‍යාප්ත වෙයි. යුරෝපා රටවල් අතරින්, වැඩිම ‘වඳුරු උණ’ ආසාදිතයන් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 4,298 ක් බවත් ඔවුන්ගෙන් 120 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් පැවැසෙයි. මියගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනකු බව ස්පාඤ්ඤ සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කර ඇත්තේ එරට 41 හැවිරිදි අයකු ‘වඳුරු උණ’ ආසාදනය වීමෙන් මියගිය බවය. මෙම තැනැත්තා ප්‍රතිශක්තිය හීනවීමේ රෝගී තත්ත්වයකින් පීඩා විඳි අයකු බව ද අනාවරණය වී තිබේ. මොහු මියගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය.

ගෝලීය හදිසි තත්ත්වයක් ඇති කිරීමට සමත් වුණු ‘වඳුරු උණ’ වයිරසය වෙනස්කම් ගණනාවකට ලක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ කලාපීය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ආචාර්ය පූනම් බෙත්‍රපාල් සිං පවසයි. වයිරසය අසාමාන්‍ය ලෙස ලොවෙ පුරා ව්‍යාප්තවීමට හේතුව එය යැයි ද ඉන්දීය සම්භවයක් සහිත ආචාර්ය පූනම් බෙත්‍රපාල් සිං පැහැදිලි කරයි.

‘වයිරස කාලයත් සමඟ වෙනස් වෙනවා. වයිරසවල ස්වභාවය එයයි. වසර ගණනාවක් තිස්සේ වඳුරු උණ වයිරසය ද වෙනස්වලට ලක්වී පරිණාමය වී තිබෙනවා. අද විද්‍යාඥයන් මවිත කරමින්, ලොව පුරා වඳුරු උණ වසංගතයක් නිර්මාණය වී ඇත්තේ ඒ නිසයි’ යැයි ආචාර්ය පූනම් බෙත්‍රපාල් සිං පෙන්වා දෙයි.

‘වඳුරු උණ’ වයිරසය පළමුවෙන් අප්‍රිකාවෙන් සොයා ගැණුනේ 1958 වසරේදීය. ‘වඳුරු උණ’ පැපොල සහ මාරක වසූරිය වයිරසයේ අතරමැදි තත්ත්වයක් බව ඒ හඳුනා ගැණුනි. ‘වඳුරු උණ’ ආසාදනය වීම වළක්වා ගැනීමට ලබා දෙන්නේ වසූරිය තුරන් කිරීමට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්ය. මේ වනවිට ඇමෙරිකාවේ සෑම ප්‍රාන්තයකම ‘වඳුරු උණ’ සඳහා එන්නත් වැඩසටහන් ආරම්භ කර තිබේ.

මේ අතර ‘වඳුරු උණ’ ආසාදිතයන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කළ බැවින් ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ‘වඳුරු උණ’ හේතුවෙන් නගරයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

පැය 24 ක් යන්න කලින් තවත් මරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site