IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පැය 10 ක අඳුරට හුරු වෙමු ?

(යොහාන් භාසුර)

විදුලි කප්පාදුව ඉදිරි දිනවලදී පැය 10 ක් දක්වා දීර්ඝ වියහැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ප්‍රමාණය වර්තමාන විදුලි ජනන ධාරිතාවෙන් හෝ තවත් දින 10 ක් පමණක් පවත්වාගෙන යෑමට කළහැකි වීම සහ කෙරවලපිටි විදුලි බලාගාරය වසා දැමීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් විදුලි ජනනයට අවශ්‍ය දැවිතෙල් අවසන් වීම නිසා ඇනවුමක් ලැබෙන තෙක් බලාසිටීම සිදුවීම හේතුවෙන් තත්වය තවත් බරපතල වී ඇති බවත් එම නිලධාරියා කීය.

පැය 10 කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.   



අදහස් (14)

පැය 10 ක අඳුරට හුරු වෙමු ?

මහසෙන් Friday, 25 March 2022 01:12 PM

පැය 10 ඇතිද? ඔන්න ඔහේ පැය 24 ම කපලා දාන එකනේ තියෙන්නේ... එතකොට ලයිට් බිල... ගෙවන්න යන මුදලත් රට්ටුන්ට ඉතුරුයි. තෙල් ගේන්න යන ඩොලරුත් ඉතුරුයි. මොල හතෙන් කරනවා නම් ඔන්න වැඩේ...

:       2       72

SunilFriday, 25 March 2022 01:33 PM

හරියට හරි.. මහ බැංකුවේ අධිපතිතුමා විදෙස් මාධ්‍යයකට ඔයිට සමාන ප්‍රකාශයක් කර තිබුණා.

:       1       42

වාසුදේව Friday, 25 March 2022 01:36 PM

ඉතිහාසයේ කිසිදිනක නැති විදියට මේ ආණ්ඩුව විදුලිය, තෙල්, ගෑස්, කිරිපිටි හිඟයක් ඇතිතර ඒවා ගන්න ජනතාව පෝලිම් ගස්වා දඬුවම් කරන්නේ ඔබලාව ඡන්දයෙන් පත්කරගත් නිසාද? මේවාට හොඳ පිළිතුරක් දෙන්න ජනතාව සැදී පැහැදී සිටින බව මතක්කර සිටිමු. දැන් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරයි. තවත් පවු නොදී ගෙදර යන්න.

:       2       76

Akila Friday, 25 March 2022 01:50 PM

ඔයිට වඩා හොඳ නැත්ද විදුලිබල මණ්ඩලේ වහල දාලා ආණ්ඩුවත් ගෙදර ගියානම්?

:       1       76

pakeer Friday, 25 March 2022 02:27 PM

මෙය පටන් ගැනීමක් පමණි. මෙහි අවසානය වඩා දරුණු සහ අඳුරුවනු ඇත. කිසිම තේරුමකට නැති සංවර්ධනය මුවාවෙන් කෙරුණු, ආදායමක් නැති ආයෝජන වල සහ, හොරකම්වලට අපි වන්දි ගෙවමු. සතපහක් හම්බ නොකර, මිලියන ගණන් වියදම් කරපු ජාතිය අපි වෙමු...

:       0       60

සකල ගුරු Friday, 25 March 2022 06:04 PM

විදෙස් ණය අරගෙන ඒවායින් වැඩි කොටසක් කොමිස් ගසාකා ඉතුරු සොච්චම් ගණනකින් තම තමන්ගේ නම් ගසාගෙන කළ ව්‍යාපෘති වලින් කිසිම ආදායමක් නැහැ. නමුත් සියලු වැසියන් දුක් විඳිමින් ලෝකයට ණය ගෙවමින් සිටිනවා... කවදා හෝ වෙනත් රජයක් මගින් විදෙස් ණය මගින් සිදුකර තමන්ගේ නම් ගසා ඇති සියලු ව්‍යාපෘති වෙනුවෙන් නමට සම්බන්ධ පවුල් වලින් වාර්ෂිකව ව්‍යාපෘතියේ වටිනාකමෙන් 10%ක වත් බද්දක් අයකළ යුතුයි.

:       0       16

Kumara Friday, 25 March 2022 03:10 PM

විමලයා එහෙම ඔය පැත්තේ ඉන්නවද බලන්න...

:       0       13

C..K.Lankaputhra Friday, 25 March 2022 03:18 PM

ශෝක්, අපිට තලන්න ඕන මොකෙන්ද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.

:       0       18

Don Friday, 25 March 2022 03:34 PM

දවසින් පැය 24 ක් කපන්න. හැබැයි ඊට වඩා කැපුවොත් නම් අපි පාරට බහිනවා.

:       1       24

dias Friday, 25 March 2022 04:08 PM

ඕක කියන්න උසස් නිලධාරියෙක් ඕනේද?

:       0       25

Jcn Friday, 25 March 2022 06:19 PM

කිසිදාක විදුලිය නොකපන ප්‍රදේශ ඕන තරම්.. ඒ පාඩුව පිරිමහන්නත් ඕන හැමදාම විදුලිය කැපෙන පළාත්වල මිනිස්සුමයි...

:       0       11

susantha Friday, 25 March 2022 06:55 PM

ගන්න ණයවලින් 25% කින්වත් රටට වැඩක් වෙන්නේ නැහැ. 75%ට වැඩිය කොමිස් කනවා... පල් හොරු එකතුවෙලා... ඉතුරු 25%න් වැඩි හරියක් කරන්නෙත් කිසිම වැඩකට නැති ව්‍යාපෘති... වටේ ඉන්න හෙංචයියන්ට ගසාකන්න.

:       0       6

මරුසිරා Friday, 25 March 2022 07:34 PM

මට දැන් රටේ ඉහළම පුටු හතර කන්න තරම් කේන්තියක් තියෙන්නේ ආයුබොවන්ඩ...!

:       0       8

fairoos Sunday, 27 March 2022 01:54 PM

ජනතාවගේ සාපය තමයි රටට වැදිලා තියෙන්නේ. මේ ආණ්ඩුව ජාතිවාදය වපුරපු අස්වැන්න තමයි දැන් නෙලන්නේ. බයියන්ට ඒවා තේරෙනකොට ඉන්න, හිටින්න රටක් තියෙයිද දන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 548 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1693 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site