IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පැය පහක ගුවන් ගමනකින් පසු මුතු රාජා තායිලන්තයට

(ටී.කේ.ජී.කපිල සහ ළහිරු හර්ෂණ)

ශ්‍රී ලංකාවෙන් තායිලන්තය වෙත රැගෙන ගිය ‘‘මුතු රාජා‘‘ හෙවත් ‘‘සක්සුරින්‘‘ ඇතා රැගත් ගුවන් යානය අද දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.33 ට තායිලන්තයේ "චියෑන් මායි" ( Chiang Mai ) ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.

මෙම ඇතා රැගත් රුසියානු ඒවියාකොන් සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ ( Aviacon Zitotrans ) ඒ.ඉසෙඩ්.එස්.- 5701 දරන ගුවන් යානය අද උදෑසන 07.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ බලා පිටත් විය .

පැය 05 ක ගුවන් ගමනකින් පසුව මෙම ගුවන් යානය මේ වනවිට තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ .



අදහස් (12)

පැය පහක ගුවන් ගමනකින් පසු මුතු රාජා තායිලන්තයට

මංජුල Sunday, 02 July 2023 01:23 PM

නිරෝගීව සතුටින් ඉන්න...

:       1       48

Asrar Sunday, 02 July 2023 02:14 PM

ඕක වෙන ආගමක කට්ටියක් කළා නම් මෙතැන බලාගන්න තිබ්බා බෞද්ධ අයියලගේ කියුම් සහ උගත්, බුද්ධිමත්, බෞද්ධයින්ගේ වැඩ...

:       21       28

සූකර මහත්තුරුSunday, 02 July 2023 04:17 PM

ඔය ගමන්ම කියාගෙන යමු බලන්න අපේ සූකර මහත්තුරු සත්ව අයිතිවාසිකම් ආරක්ෂා කරන විදිය?

:       2       18

පෙරේරාSunday, 02 July 2023 04:18 PM

අම්මට සිරි, එහෙනම් බලන්න තිබුණා නටාෂාගේ කතාවේ අනික....

:       2       12

Srimathi Liyanage Tuesday, 04 July 2023 06:33 AM

ඒක රටට කරන ලොකු අවමානයක්. නමුත් වගකිවයුතු අය නිහඬයි. ඔවුන්ට දඬුවම් දිය යුතුයි. සෑම කුඩා සිදුවීමකටම ජනතාව වටේට රොක් වී උද්ඝෝෂණ කළද ඔවුන් පවා නිහඬය. එය ලැජ්ජාවක්.

:       0       1

Rohitha Sunday, 02 July 2023 02:36 PM

එයාගේ පව් ගෙවිලා, මේ කාලකන්නි පාලකයින් ඉන්න රටින් චුතවෙන්න. ආපහු ගෙන්නගන්නයි කල්පනාව... මොකද දළ දෙකට ආසාවට මිසක්...

:       3       22

පිටිගල මිලානෝ Sunday, 02 July 2023 02:42 PM

මුතුරාජා ඔහුව බලාගත්තු අයගෙන් මිදී නිදහස සොයා යයි. පින්වතුනි, මේ පව්කාරයා අරක් අරන් ඉන්නකල් උගේ භූමිය වර්ජනය කරනු. ආහාර නොදෙනු...

:       2       16

Jagath Wickramasekara Sunday, 02 July 2023 04:30 PM

අපිට බුද්ධාගම කියන්නේ විදුලිය කොන්ක්‍රීට් ගොඩවල්... සත්ව කරුණාව නොවී...!

:       2       19

රෝහණ ප්‍රනාන්දු Sunday, 02 July 2023 04:38 PM

පන්සල්වල ඉන්න හැම අලියාම වගේ දම්වැලක හිරවෙලා දුක්විඳින බව මුළුරටම දන්නා කාරණයක්. ඔවුන්ට වෙන හිරිහැර එමටයි. අපේ සිවුරු කාරයින්ටත් පුදුම අලි තණ්හාවක් තියෙන්නේ. උඩුවේත් හත්පොලේ ගාගත්තේ අලි සෙල්ලම් කරන්න ගිහින්. හැබැයි මෙදාපොටේ නම් මුතුරාජා ඔවුන්ගේ රෙදි ගලවෙලාම දැම්මා. නියමයි...

:       4       25

චන්දිම ෆොන්සේකා Sunday, 02 July 2023 05:29 PM

මේ රාජකීය දළ හස්තියා මේ රටට පරිත්‍යාග කරලා තිබෙන්නේ තායි රජපවුලේ අයෙක්. ඒ මහනුවර දළදා මාලිගයට බාරදීමටයි. මේ සිද්ධියට වග කියන්න ඕනෑ තමන්ගේ දේශපාලන වුවමනාවට මේ ඇතාව සන්නසකින් ඔය කියන අලුත්ගම කන්දේ විහාරයට ලබාදුන් චන්ද්‍රිකා නෝනා සහ ඇතාව ඇත් ගොව්වාට ඕන දිහාවක ගෙනියන්න දීලා අමානුෂික වදහිංසා දිදී වහල් වැඩ ගන්නකම් හොයන්නේ බලන්නේ නැතුව ඔහේ වගේ වගක් නැතුව හිටපු විහාරේ නායක හාමුදුරුවෝ ඇතුළු ස්වාමීන් වහන්සේලා සහ දේවාලේ බලධාරීන්. ඔවුන්ට තිබුණා හස්ති රාජයාට සලකන්නවත් කමක් නැත්නම් ඒ ගැන අදාළ අංශ දැනුවත් කරන්න. මේ අය දැන්නම් කොහේ ඉන්නවාද කියලා සද්දයක් වගේ වගක් නැහැ. මේ ගොල්ලන්ට මනුස්සකමක් නැතිවුණාට තායි ජාතිකයින්ට තමන්ගේ රටේ සතාට සලකන හැටි ලෝකෙටම පෙන්වූවා. මේ සිද්ධියෙන් අපේ ලංකාවේ මිනිස්සුත් ඔය මහා පන්සල්වල හාමුදුරුවරුත් ලෝකය ඉදිරියේ නිකම් තුට්ටුදෙකටම වැටුණා...

:       2       33

වරුණි රුවන් මාලි ගම්පහ Sunday, 02 July 2023 08:05 PM

මුතුරාජාව අහිමි වුණා. ඒ ගැන හරිම කණගාටුයි. හිතට වද දුන්නා මෙයා යයි කියලා. ඒ වගේම ගියා.මගේ පුංචි දුවට පින් සිද්ද වෙන්න මම මුතූව සත්වෝද්‍යානයේ දී දැක්කා. මුතූ ඔයාට ආදරේ කරන අය මතක් කරකර ඔයා ගැන දුක්වෙනවා. ඉන්න තැනක හොඳින් ඉන්න රත්තරන් පුතේ.

:       3       10

රනුලි ලිවන්සා. Monday, 03 July 2023 01:41 PM

ඔව්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site