(ඉන්දිකා රාමනායක)
බේරුවල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු හා ඔහුගේ පුතා අතර ඇති වු අමනාපයක් මුල්කරගෙන ඔවුන් දෙදෙනා විසින් පැදවු මෝටර් රථ දෙක බේරුවල නගරයේ දී අද අලුයම මුහුණට මුහුණ හප්පාගෙන ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් වාහන දෙකට අලාභ හානි සිදුව ඇති බවද පොලිසිය පවසයි.
පියා (53) හැවිරිදි බෝට්ටු හිමි ව්‍යාපාරිකයකු - බවත් පවුල් ආරවුලක් මුල්කරගෙන ඔහු දරුවන් හා බිරිද සමග අමනාපයෙන් සිට ඇති බව පොලිසිය පවසයි.
පියා පයාගල සිට මෝටර් රථයෙන් අද අලුයම 1.30 ට පමණ බේරුවල නගරයට පැමිණෙන් සිටියදි හා පුතා බේරුවල සිට පයාගල දෙසට ගමන් කරමින් සිටියදි මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.
දෙදෙනා පැදවු මෝටර් රථ දෙක බේරුවල නගරයේ දී හමුවීමත් සමග වාහන දෙකක එකට හප්පාගෙන ඇති බවත්, පුතා විසින් පියා සමග බහින් බස් වී ඔහුට පහර දුන් බවට ද පොලිසියට පැමිණිලි ලැබී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පියා විසින් තමා පැදවු මෝටර්ථයට පුතා විසින් ඔහුගේ වාහනය හැප්පා අලාභහානි සිදුකළ බවට පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධියට මුල් වු වාහන දෙක පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පිය - පුතු වලිය මෝටර් රථ දෙකෙන් වන්දි ගෙවලා
Sampath Thursday, 16 November 2023 08:13 PM
ඉන්ෂුරන්ස් ගන්න ගහපු ගමෙ එකක්ද දන්නෙ නෑ. මෙ වගෙ හිතල හප්ප ගත්තම ඉන්ෂුරන්ස් ගෙවන්න පුලුවන්ද
පියල් Thursday, 16 November 2023 08:19 PM
දකුණේ නේ. එච්චරයි.
Bamunuarachchi Friday, 17 November 2023 05:07 AM
මතුපිටින් මෙහෙම උනාට යටින් හොඳට පැසවපු තුවාලයක් වගේ. සොයා ගෙන ගියොත් මාළු මුදලාලිගේ තවත් රසකතා එලියට ඒවි.
උදාර විලත්ගමුව Friday, 17 November 2023 07:43 AM
සල්ලි වැඩි වෙලානම් අපිට දෙන්න.