( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)
ඉංගිරිය ඌරුගල නම්බපාන නිවසක් තුළදී පියාගේ හිසට යතුරු පැදියක යකඩ පටියකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැඩිමහල් පුතු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය සඳහන් කරයි
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර රත්නපුර පෞද්ගලික බස් රථයක රියැදුරකු ලෙස සේවය කල දේවගේ ප්‍රියාල් ලලින්ද්‍ර කරුණාතිලක 50 තිදරු පියෙකි
ඝාතනයට ලක් වූ පුද්ගලයා අධික ලෙස බීමත්ව නිරතුරුව මවට මෙන්ම දරුවන්ට පහර දෙන පුද්ගලයකු බවට විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි
ඝාතනයෙන් පසු සැකකාර පුතු නිවසින් බැහැරට පලා ගොස් මවට මේ පිළිබඳ පවසා තිබූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය
තුවාල ලබා සිටි පුද්ගලයා 1990 සුවසැරිය ගිලන් රථය ගෙන්වා ඉංගිරිය රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පුතු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පියා ඝාතනය කළ පුතා අත්අඩංගුවට