IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පියල් නිශාන්ත ආයතන හතරක වගකීම් අතහරියි

(අංජුල මහික වීරරත්න)

ධීවර රාජ්‍ය අමාත්‍යවරයා යටතේ ගැසට් කොට තිබෙන ආයතන හතරක වගකීම් වලින් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඉවත් වී තිබේ.

ධීවර සංස්ථාවේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් සහ ධීවර ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ක්‍රියා කිරීමෙිදී බාධා එලවීම නිසා මෙම පියවර ගත් බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ලංකාදීපයට පැවසීය.

ඒ අනුව ධීවර රාජ්‍ය අමාත්‍යවරයා යටතේ තිබූ ලංකා ධීවර සංස්ථාව,නාරා ආයතනය,සීනෝර් ආයතනය, නෝර්ත් සී යන ආයතන වල වගකීම් වලින් ඉවත්වූ බව පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.

තමා ඉහත ආයතන හතරේ වගකීම් වලින් ඉවත් වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ධීවර අමාත්‍යාංශයේ සෙසු වැඩ කටයුතු වලට උපරිම සහයෝගය ලබා දෙන බව පියල් නිශාන්ත මහතා කීය.



අදහස් (11)

පියල් නිශාන්ත ආයතන හතරක වගකීම් අතහරියි

සෙනෙවිරත්න Tuesday, 27 August 2024 01:52 PM

ඔන්න හෙනේ, ඔය ජනතාව කියන්නෙ තමන්ගෙ හෙංචයියලට,

:       0       44

NWS KUMARA Tuesday, 27 August 2024 01:56 PM

චන්දෙ එනකොට හොඳ රඟපෑමක්

:       1       45

අරවින්ද මොනරවිල Tuesday, 27 August 2024 02:22 PM

ඔක්කොම අත හැරලා ගෙදර පලයං, උබලා නැතුව රට කරන්න ඕන තරම් අය ඉන්නවා.

:       3       71

පිටරටවැසියා Tuesday, 27 August 2024 02:47 PM

සියල්ලම, සදාකාලිකව අත් හැරීමට කාලය එළඹ ඇත ...

:       2       57

Deepal Tuesday, 27 August 2024 03:03 PM

මේ සතියේ හොදම රංගනයට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ රනිල් රාජපක්ෂ අධ්‍යක්ෂණය කල අලිබබා සහ හොරු 40 චිත්‍රපටයේ ධීවරයාගේ චරිතය නිරුපනය කල " පියල් නිශාන්ත "....

:       0       6

Lalla Tuesday, 27 August 2024 03:31 PM

රාජ්‍ය සේවකයින්ට පුලුවන්ද ඔය විදිහට වගකීම අතහැර යාමට. මේවා නිකම්ම පිස්සන්ට හොඳ විහිළු. රාජ්‍ය ඇමැතිලාට වැටුපක් ගෙවනවා. ඔහුට නියමිත කටයුතු අතහැර යාම බෑ...!

:       0       0

මහාජනතාව Tuesday, 27 August 2024 06:03 PM

තව මාසෙකින් විතර ඔයා අත්හැරියත් නැතත්.. ඉබේම ඔක්කෝම ඔයාව අත්හැරලා පයින් ගහලා මහපාරට දානවා...!

:       0       0

සුධීර Tuesday, 27 August 2024 09:41 PM

ඒ ආයතනවල නිලධාරින් මෙයාට ඉංග්‍රීසියෙන් කතා කරනවා ඇති..

:       0       2

B Amarasinghe Wednesday, 28 August 2024 02:00 AM

ධීවර සංස්ථාවේ සභාපති මෙයා ඉල්ලන නීති විරෝධී දේවල් කරන්නේ නෑලු...!

:       0       0

de silva Wednesday, 28 August 2024 07:59 AM

කොහොමත් පත්වෙන අලුත් ජනාධිපති තව මාසෙකින් පාර්ලිමේන්තුව විසුරවන නිසා ඔය තනතුරු සියල්ල සදාකාලිකවම ඔබට අහිමිවෙලා හිරේ යන්න වෙන ලකුණු තිබෙනවා .

:       0       4

RolandKuranage Wednesday, 28 August 2024 08:46 AM

පියල් නිශාන්තව ටික ටික හලන්නේ. බේරුවල ආසනයේ රජිත සෙනාරත්නගේ. බලය තහවුරු කරගැනීමටයි. රනිල්ගේ ගැටවල තරම පියල් නිශාන්තලා තවම අවබෝධ කරගෙන නැත. අවසානයේ පියල් නිශන්තට සියල්ල හැර දමා. යන තැනට වැඩ සිදුවෙයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site