IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


‘‘පොයින්ට්ස්මන්ට‘‘ නින්ද ගිහින් දුම්රිය දෙකක් ගැටෙන්න ගිහින්

(ජේ ඒ එල් ජයසිංහ)

මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග සංඥා හසුරුවන  පොයින්ට්ස්මන් (සංඥා හසුරුවන්නන්) දෙදෙනාට කැබින් කාමරයේ නින්ද යාමත් සමග සිදුවන්නට ගිය මහා දුම්රිය අනතුරක් පොඩි මැණිකේ දුම්රිය රියැදුරාගේ දස්කමින් වලකා ගත්තේය.

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයේ  3 වැනි වේදිකාවේ නවතා තිබූ වෙනත් දුම්රියක ගැටී සිදුවන්නට ගිය භයානක අනතුර දුම්රිය රියදුරාගේ දක්ෂතාවය නිසා බේරා ගැනීමට හැකි විය.

මෙම අනතුරක්වන්නට යන බව කලින් දුටු දුම්රිය ස්ථානයේ සිටි මගීන් එහේ මෙහේ දුව යාම නිසා කීප දෙනකු වැටී සුළු තුවාල ලබා ඇත.

 



අදහස් (5)

‘‘පොයින්ට්ස්මන්ට‘‘ නින්ද ගිහින් දුම්රිය දෙකක් ගැටෙන්න ගිහින්

ලංකාවේ එකා Sunday, 09 March 2025 03:13 PM

CTB බස් කොන්දෝ ඩ්‍රයිවර්ල බීලා නිදි දුම්රිය සේවකයෝ කාලා නිදි AG ඔෆිස් ආණ්ඩුවේ කන්තෝරු මර නින්දේ. කරුමයක් මේක මේ රටේ. මේ ඔක්කෝම නඩත්තු කරන්න බදු ගෙවන අපි පව් නේද?

:       3       73

ගුණරත්න Sunday, 09 March 2025 03:23 PM

පොයින්ට්ස්මන් දෙන්නාම අස්කරලා දාන්න ඕනෑ.

:       2       58

Lalla Sunday, 09 March 2025 04:46 PM

අස්කර බෑ.මහජනතාව අනතුරකට භාජනය කීරීමට උත්සාහ දැරීම සහ මහජන දේපල විනාශ වීමට ඉඩ හැරීම මත අඩුම තරමේ අවුරුද්දකට හිරේට යවන්න බැරිද?

:       1       7

Nandalal de Silva - France Sunday, 09 March 2025 06:15 PM

අස් කරාට මදි.... දෙශපාළුවෙක් අල්ලා ගෙන.... "අනේ සොරි... ඊයෙ රෑ තිස්සෙ මගේ ආච්චි ගෙ මළගෙදර නිදි මරපු නිසා නෙ ඔහොම උනෙ " කියා පහුවදා ආපහු වැඩට ඒවි ... ඔවුන්ට අමතක නොවෙන විශාල දඩයක්ද නියම කල යුතුය !!!

:       1       9

කසීම් Sunday, 09 March 2025 10:07 PM

ඒකාකාරී රැකියාවක නිරත ඔවුන්ට නිදිමත වී ඇත. දරු පවුල් දෙකක් පාරටද?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site