සර්බියාවේ බෙල්ග්‍රේඩ් හි පාසලක 7 වසරේ ඉගෙනුම ලබන සිසුවකු සිදු කළ වෙඩි තැබීමකින් 9 දෙනකු මියගොස් තවත් 7 දෙනකු තුවාල ලබා ඇතැයි සර්බියා පොලිසිය ප්‍රකාශ කර ඇත.
මියගිය 9 දෙනාගෙන් අට දෙනකු එම පාසලේ ඉගෙනුම ලබන සිසුන් බවත් නව වෙනියා එම පාසලේ ආරක්ෂකයකු බවත් සර්බියා පොලිසිය සඳහන් කර තිබේ.
එසේම තුවාල ලැබූ 7 දෙනාගෙන් එක් අයකු එම සිසුවා ඉගෙනුම ලබන පන්තියේ ගුරුවරයකු බවත් අනෙක් 6 දෙනා එම පාසලේ ඉගෙනුම ලබන පාසල් ළමුන් බවත් සර්බියා පොලිසිය පෙන්වා දී ඇත.
මෙම සැකකාර සිසුවා පියාගේ පිස්තෝලයෙන් වෙඩි තැබීම සිදු කර ඇති බවත් ප්‍රථමයෙන් සිය පන්ති භාර ගුරුතුමියට වෙඩි තබා අනතුරුව අහඹු ලෙස පාසලේ ඉගෙනුම ලබන සිසුන්ට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසා තිබේ.
සර්බියා පොලිසිය සිසුවා අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පියාගේ ගිනි අවියෙන් පුතා සිසුන් අටක් මරලා
Bunny Preena Thursday, 04 May 2023 08:57 AM
වෙන දේවල් අහන්ට දකින්ට ලැබෙනකොට අනාගතේ ලංකාවෙත් එවනි දේවල් සිදුවෙයිද කියලත් බය හිතෙනවා. ඇමෙරිකාවෙන් පටන් ගත්තු වෙඩිතැබීම් දැන් යුරොපයටත් බෝවෙලා. අනාගතයෙදි මුළු ලොකයම තුවක්කු කරුවන්ගෙ පාරාදීසයක් වෙයිඩ ඩන්නෙ නැහැ.