IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


පෙම් යුවළක් මරණය සොයා දියලුමට ගිය ගමන

(අයි ආර් ඉන්දික)

අපි කුඩාරමක් ගහගෙන හිටියා. රෑ 10.30ට විතර අලියා ආවා. අපි ලඟට අලියා එන එකක් නැතිවෙයි කියලා අපි කූඩාරම ඇතුලේ ගුලිවෙලා හිටියේ. එතකොටම වගේ ඒ ඇවිත් අපි හිටපු කූඩාරම පෑගුවා යැයි මියගිය එච්. තරුෂි. කවීෂා  තරුණියගේ පෙම්වතා වන ධනුෂ්ක මධුශාන් කලුආරච්චි කියා සිටියේය.

දියලුම අල්ලමත කූඩාරමක් ගසාගෙන සිටියදි වල් අලි ප්‍රහාරයකින් මියගි තරුෂි කවීෂාගේ මරණය සම්න්ධයෙන් පැවැති මරණ පරීක්ෂණයේදී පෙම්වත වන ධනුෂ්ක එසේ පැවැසීය.

කොස්ලන්ද වැල්ලවාය මාර්ගයේ පිහිටි දියලුම දිය ඇල්ලට ඉහළින් පිහිටි උඩ දියලුමේ ඊයේ මෙම සිද්ධියට මුහුණ දුන් පෙම්වතා අලි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබයි.  හලුදුම්මුල්ල හදිසි මරණ පරික්ෂක ඒ. ආර්. රත්නවීර මහතා ඉදිරියේ  හදිසි මරණ පරික්ෂණ පැවැත්විණි.

එහිදි සාක්කි දුන් ධනුෂ්ක මධුෂාන් මෙසේ ද කීය.

අපි හිටපු තැන ෆෝන්වලට හරියට සිග්නල් නෑ . මම ගොඩාක්වෙලා උත්සහ කළා යාලුවකුට ඇමැතුමක් ගන්න. ඒ අයගෙන් ප්‍රතිචාරයකත් තිබුනේ නෑ.මම බඩගාගෙන බඩගාගෙන සිග්නල් තියෙන තැනකට ගිහින් පාන්දර 5. 30ට විතර 1990 ටයි යාලුවන්ටයි ගත්තා. ඊට පස්සේ තමයි ඒ අය අපිව හොයාගෙන ආවේ.

අපි බැඳලා නෑ. යාලුවෙලා හිටියේ. එයා මාතර කුරුණෑගල නර්සින් හෝම් එකක් ඉගෙන ගන්නවා. අපි කුරුණෑගල ඉදලා ඊයේ පාන්දර ආවේ. ඒ ආවේ හපුතලේට .ඒ ඇවිත් හපුතලේ ඉන්න මගේ යාලුවෙක්ගේ ගෙදර ගිය‍ෙ. ඊට පස්සේ එයත් එක්ක උඩ දියලුම යන්න ආවා හපුතලෙන් පිටත්වුණේ හවස තුනට විතර. උඩ දියලුමට එනකොට හවස 5. 30ට විතර ඇති. මගදි මඟ පෙන්වන්න තරුණයකු සම්බන්ධකර ගත්තා.එයා අපිව උඩ දියලුමට එක්කගෙන ආවා ගාස්තුව විදිහට රුපියල් 1000ක් මම දුන්නා. ප්‍රදාන පාරේ ඉඳලා කිලෝමිටර් දෙක හමාරක් විතර ආවා. අපි උඩ දියලුමේ එළි පෙහෙලි කරලා තිබුණ තැනක කූඩාරම හදාගත්තා. ඊට පස්සේ අපි මෙතන ඉන්නම් කියලා එයාලට යන්න කිව්වා .

10.30ට විතර අලියා ආවා . අපි සද්ද නැතුව කූඩාරම ඇතුලට වෙලා ගුලිවෙලා හිටියා . අපි හිතුවේ නෑ අලියා එයි කියලා. එක පාරම ඇවිත් කූඩාරම පෑගුවා . එහෙම පාගලා අලියා ගියා . අරයාගෙ බඩයි පපුවයි පාගලා තිබුණා. මගේ වම් අත පැත්ත පොඩිවෙලා වගේ තිබුණා. එයා වතුර ඉල්ලුවා අමාරුවෙන් කතාකරකර හිටියා. වම්කකුල කැඩිලා තිබුණේ ඒක සනීප කරගන්න පුලුවන් වෙයි නේද කියලත් ඇහුවා . මම යාලුවන්ට කතාකරන්න සෑහෙන්න උත්සහ කළා. නමුත් බැරිවුනා. 11.59ට විතර අලි එනවා කියන කොටම කට්වුනා. ඒ ඇවිල්ලා බලනකොට එයා නැතිවෙලා . ඒ වොලවේ ඉඳන් මම ඊට පස්සේ ගලක් තියෙන හරියකට බඩගාගෙන ගිහින් කොල් ගත්තා කවුරුවත් සම්බන්ධ කරගන්න බැරිවුනා. පාන්දර තමයි අයෙත් කතාකරගන්න පුලුවන් වුණේ. උදේ හයයි තිහට විතර ගමේ අයයි 1990 අයයි ඇවිල්ලා මාව රෝහලට අරගෙන ගියා.

මෙම මරණයට අදාල පශ්චාත් මරණ පරික්ෂණය අධිකරණ වෛද්‍ය ශානක රොෂාන් පතිරණ මහතා විසින් සිදුකරන ලදි. වන අලි ප්‍රහාරය හේතුවෙන් පපුවට හා උදරයට සිදුවු බහුවිද තුවාල හේතවෙන් සිදුවි හදිසි මරණයක් බවට ඒ මහතා නිගමනය  කළේය. සාක්ෂි සටහන් කර ගැනිම කොස්ලන්ද පොලිස්ථානයේ  සැරයන් කේ. එස්. විපුලසිරි (51428) මහතා සිදු කළේය.

 



අදහස් (8)

පෙම් යුවළක් මරණය සොයා දියලුමට ගිය ගමන

Ruhunu Saturday, 13 May 2023 03:55 AM

දෙමව්පියන්ට හොර කරන වැඩවල විපාක තමයි මේ...

:       9       7

Vithana Saturday, 13 May 2023 05:28 AM

රට පුරාම දැන් ඇහෙන්න දකින්න තියෙන්නේ මේ වගේ නොමෙරු අඩු වයසේ දරු දැරියන්ගෙ මෝඩ තීරණ නිසා ඔවුන්වම විනාශ වෙලා යන අයුරුයි.

:       6       9

Piyal Weerasinghe Saturday, 13 May 2023 06:53 AM

අද අහන් දෙ නෙමෙයි හෙට අහන්න වෙන්නෙ .සම දෙයක්ම ගෙවල් වලට හොරෙන් සිදුවන දෙවල් .දන් රට්ට තරුණ ජිවිත යක් අහිම් උනා .දෙමාපියන් දරුවො ගන මෙයිට වඩිය සලකිලිමත් වෙන්න ඔනෙ. .

:       6       9

මහේෂ් Saturday, 13 May 2023 01:44 PM

මැරෙන්නම හිතාගෙන ගියාද මන්දා...? අලි ඉන්න කැලෑවේ බිම කූඩාරම් ගහගෙන රෑට ඉන්නේ කවුද? ඔය ගොවියෝ ඉන්නෙත් රෑට ගස්උඩ පැලවල් හදාගෙන... යාළුවාවත් කිව්වේ නැද්ද? අනතුරු දායක බව. ජීවිතේට වඩා fun එක ලොකුයි නේ. පව් අර අහිංසක ළමයා... නිවන්සුව පතමු...! 

:       2       16

sanath Saturday, 13 May 2023 02:24 PM

වෙන මොනවත් නිසා නෙවෙයි, නොසැලකිල්ල නිසා සිදුවූ මරණයක්... අලියා ආවා කියලා දැනගෙනත් දුවන්නේ නැතිව ළඟට ඇවිත් පාගන කන් ඉඳලනේ දෙන්නා...

:       4       18

මහේෂ් Sunday, 14 May 2023 01:10 AM

මේ දවස්වල ඇහෙන්නේ මේක වගේ දේවල්මයි. සෑම සිද්ධියක්ම ආදරය, කාමය, මත්ද්‍රව්‍ය, අඩු වයස, දෙමව්පියන්ට හොරෙන් වගේ දේවල් පොදුයි. අනිත් අය මේවා පාඩම් විදියට අරගෙන මෙවැනි නොමේරු දේවල් නොකරන්න වග බලාගන්න.විසේශයෙන් දෙමව්පියන්ට බොරු කියලා ඒ අයගේ කීමට විරුද්ධව වැඩ කෙරුවොත්, බොරු කීවොත් දුක් විපාක ඉක්මනින් ලැබෙනවා. දෙමව්පියන්ට බොරු කියන්න එපා, ඒ අය රවට්ටන්න එපා කවදාවත්... මේ දෙන්නා බැඳලාත් නැතිවයි මේ අලි ඉන්න කැලේ රෑ ගතකරන්න ඇවිත් තියෙන්නේ. මේකත් ගෙදරට බොරු කියලා ආපු ගමනක් වෙන්නත් පුළුවන්..... ඒ සොයුරියට නිවන් සුව පතමු.

:       0       0

Lalla Sunday, 14 May 2023 01:29 AM

රැකියා වලට සහ අධ්‍යාපනයට නැවතී සිටින තරුණියන් බොහෝ දෙනෙක් මේ විදියට සම්බන්ධතා පවත්වනවා. මේකට ඔවුන් කියන්නේ නිදහස....බොහෝ අය උපත්පාලන ක්‍රම භාවිත කරනවා... දෙමාපියන් නූගත් හෝ ඉතා ධනවත් අයගේ ලමයින් මේ තත්ත්වයට වැඩිපුරම පත්වෙනව.මධ්‍යම පාන්තිකයින් අතර එතරම් නෑ. සමාජ ව්‍යසනයක්....

:       0       0

Bamunuarachchi Monday, 15 May 2023 05:03 AM

වෙන මොනවත් නිසා නොවෙයි මෝඩකම්, නොදන්නාකම නිසා කරගන්නා අපරාධ? මේ අපේ රට බේරගන්න ඉන්න තරුණ පරපුර. ඔවුන්ටවත් බේරිලා ඉන්න බැරුව රට බේරාගන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 313 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 841 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1266 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site