(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)
එල්ලක්කල ප්‍රදේශයේ හෝටලයකදී ඉකුත් 2 දා පෙම්වතාගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ල බා වතුපිටිවල මූලික රෝහලේ සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් පසුවූ පෙම්වතිය මියගිය බව නිට්ටඹුව පොලිසිය පවසයි.
මෙසේ මිය ගියේ කෘෂි විද්‍යාව උපාධිධාරිණියක වූ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණියකි.
පෙම්වතියට පහරදුන් පෙම්වතා රත්නපුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි. ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර ඇත.
පහරකෑමට ලක්වූ පෙම්වතිය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇතැයි සැකයක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
පෙම්වතා සහ පෙම්වතිය එකම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ මෙම ප්‍රේම සම්බන්ධතාවය ආරම්භ කර ඇති අතර පෙම් සම්බන්ධතාවයට මේ වන විට වසර හතරක් ඉක්මවා ඇතැයිද ඔවුන්මීට වසර දෙකහමාර කට පමණ ඉහතදී විශ්වවිද්‍යාලයෙන් පිටව ගොස් ඇති අතර පෙම්වතිය නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ පිහිටි සත්ව ගොවිපලක (කුකුළු ෆාම් එකක) රැකියාවක යෙදී සිට ඇතැයිිද පොලිසිය කියයි .
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙම්වතාගේ පහර කෑ පෙම්වතිය මරුට
පිටිගල මිලානෝ Monday, 11 September 2023 01:32 PM
ගොඩාක් පෙම්වත්තු තම පෙම්වතියව මරන්නේ රූම් ගියාට පස්සේ. මේ පුවතත් එහෙම එකක්...
කිරිපුතා Monday, 11 September 2023 02:55 PM
තමන්ට ව්තරක් පෙම් කළ යුතුයි කියන මතය දෙපාර්ෂයම අත හරින්න ඕන. නොගැළපෙන වෙලාවක තම පෙම්වතිය ට හෝ පෙම් වතාට වෙන් වීමේ නිදහස දෙන්න ඕන. නැත්නම් විවාහ වෙලා ලොකු ගැටලු ඇති කරගන්නවා. මෙතන.තියෙන්නේ ආදරය නෙවෙයි ලිංගික ඊර්ෂ්‍යාව . උගත් වුණාට වැඩක් නෑ.
මැක්ස් Monday, 11 September 2023 03:24 PM
චැනල් 4ට කියමුද මේකටත් කතාවක් හදන්න කියලා? හැබැයි අහවල්ලු මේක පිටිපස්සේ ඉන්නවා. එහෙමත් නැත්නම් මේ මිනීමරුවා එයාලාට බොහෝම ළඟ කෙනෙක් වගේ ඇඟවෙන විදිහට ඒක තියෙන්න ඕනෑ. එතකොට ඒ කතාව උස්සාගෙන යන්න ලංකාවේ සැලකිය යුතු පිරිසක් ඉන්නවා කියලා දැන් ඔප්පුවෙලා තියෙනවා...
Mangala Monday, 11 September 2023 03:30 PM
මේවා අඩුවෙන්න නම් අධ්‍යාපනයට වෙනම විෂයක් දාන්න ඕනෑ...
මාරා Monday, 11 September 2023 05:14 PM
මැක්ස් ලියා ඇති දේ කටුක ඇත්තයි කියලා ඩිස්ලයික් ප්‍රමාණයෙන් පේනවා.