IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පොපි මල් දිනය සමරයි

(අංජුල මහික වීරරත්න)

සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි  හමුදා සාමාජිකයින් සිහිකිරීමේ ස්මාරකය අභියස දී පැවැත්විණි.

​මෙම ස්මාරකය ශ්‍රී ලංකාවේ පැරණිතම සහ ප්‍රධානතම යුද ස්මාරකවලින් එකක් වන අතර, වාර්ෂිකව Remembrance Day (නොවැම්බර් 11 ට ආසන්නතම ඉරිදා) දින මෙහිදී ජාතික සැමරුම් උත්සවයක් පවත්වනු ලැබේ.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය ස්මාරකය වෙත පොපි මල් කළඹ තැන්පත් කර දිවි පිදූ හමුදා සාමාජිකයින් සිහි කරමින් පුෂ්පෝපහාර දැක්වීය.

මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් පළමු ලෝක යුද්ධ සමයේ සිට මේ දක්වා දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයින් අනුස්මරණය කිරීම සහ ඔවුන්ගේ උදාර කැපවීමට ගෞරව දැක්වීම මෙම වාර්ෂික සැමරුමේ ප්‍රධාන අරමුණ විය.

මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයා වයිෂ් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ත්‍රිවිධ හමුදාපතිවරු, විශ්‍රාමික ත්‍රිවිධ හමුදාපතිවරු, විදේශීය තානාපතිවරු සහභාගී වූහ.



අදහස් (0)

පොපි මල් දිනය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 16 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 863 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site