පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ අනාගත ස්ථාවරත්වය සලකා බැලීමෙන් අනතුරුව Fitch Ratings ආයතනය A+(lka) ශ්‍රේණිගත කිරීම පසුගියදා නැවත වරක් තහවුරු කළ බව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම කියයි.
පීපල්ස් ලීසිං සමාගම ආයතනික හා මූල්‍ය ස්වභාවය මගින් ජාතික ශ්‍රේණිගත කිරීම් හිමි කරගත් සමාගමකි. ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය හා ලීසිං සමාගමක් ලෙස (FLC) පීපල්ස් ලීසිං සමාගම ස්ථාවර ගනුදෙනුකරණ බලයක් හිමි සමාගමක් වන අතර වසර 2021 මාර්තු 31 අවසානය වන විට එම සමාගම සමස්ත මූල්‍ය හා ලීසිං සමාගම් ක්ෂේත්‍රයෙහි සියයට 12ක වෙළෙඳපොළ කොටසක් හිමිකරගත් සමාගමක්ද වේ.
ගෝලීය වසංගත තත්ත්වය හමුවේ වුවද පසුගිය මූල්‍ය වර්ෂය තුළ පීපල්ස් ලීසිං සමාගම පෙන්නුම් කළ විශිෂ්ට මූල්‍ය ක්‍රියාකාරීත්වය මෙම ශ්‍රේණිගත කිරීම පිරිනැමීමට ඉවහල්වන්නට ඇත. වසංගත තත්ත්වය යටතේ පසුගිය කාලසීමාව තුළ ආපදා නියාමනයන්ට සහයෝගය දක්වමින් හා ඒවාට අනුකූල වෙමින් නැවත අයකරගැනීම් හා ණය ක්‍රියාවලිය ඉතා ප්‍රශස්ථ මට්ටමකින් පවත්වාගත් සමාගමක් ලෙස පීපල්ස් ලීසිං සමාගම හඳුන්වා දිය හැක.
පීපල්ස් ලීසිං සමාගමේ මූල්‍ය මූලධර්ම සේම ස්ථාපිත උපායමාර්ගයන්වල ඵලදායිතාව ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සමඟ බැඳුණු ආයතනික කළමනාකාරීත්වයේ දැක්ම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම ශ්‍රේණිගත කිරීම එම සමාගමට දැඩි රුකුලක් වනු ඇත.

2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පීපල්ස් ලීසිං Fitch A+(lka) ශ්‍රේණිය තවදුරටත් තහවුරු කරගනී