IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පිපිරීමකින් අයෙක් රෝහලේ

 

( ෂේන් සෙනෙවිරත්න)

වත්තේගම , පොල්ගොල්ල, වත්තේගෙදර ප්‍රදේශයේ නිවසක පිටුපස කසල ගොඩක් පුළුස්සමින් සිටියදී එහි ඇතිවූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලිසිය කියයි .

තුවාලකරු මූලික ප්‍රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කොට ඇති අතර එසේ තුවාල ලබා ඇත්තේ 24 හැවිරිදි පුද්ගලයකි .

පිපිරීමෙන් ඔහුගේ මුහුණ ප්‍රදේශයට තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

තුවාලකරු සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් යමක් වසන් කරන බවට රෝහල් බලධාරීන්ට පෙනී ගොස් තිබූ බැවින් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දීමෙන් පසු වත්තේගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ .

 



අදහස් (0)

පිපිරීමකින් අයෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site