
(අංජුල මහික වීරරත්න)
සම්මත විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම යටතේ පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සහ එකී පනතට පසුව සිදු කරන ලද සංශෝධන අනුව මෙගාවොට් 10 හෝ ඊට අඩු ධාරිතාවයකින් යුත් පුනර්ජනනීය බල ශක්තිය ව්‍යාපෘති වලට අදාලව තාක්ෂණය මුල් කරගත්, පිරිවැය පරාවර්ථක අවශෝෂක ගාස්තු (Feed In Tariff) ක්‍රමවේදයක් යටතේ සම්මත විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමකට එළඹිය යුතු වන බව රජය පවසයි
ඒ අනුව පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ විචල්‍ය ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස 2023-03-13 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත්, සංවර්ධකයින් කිහිප දෙනකු පමණක් ඒ සඳහා ගිවිසුම අත්සන් තැබීමට පියවර ගෙන ඇත.
එබැවින් පුනර්ජනනීය බල ශක්තිය ගාස්තු ගණනය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගැනීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරිය සහ ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතන වල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබ ඇත.ෙ එකී කමිටුව විසින් ඉදිරිපත් කර ඇති මිල ගණනය කිරීම පිළිගැනීමටත්, යෝජිත සූත්‍රය ගාස්තු සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනයට