IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පන්නෙගමු වැව ගොඩකර හෝටල් හදලා

(අමිල සම්පත් ශ්‍රී)

තිස්සමහාරාම, පන්නෙගමුව වැව ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ප්‍රබල දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් එහි කොටසක අනවසර ඉදිරිකිරීම් සහ වගාවන් සිදු කර ඇතැයි ගොවි සංවිධාන කියයි.

අක්කර අඩි  800 ක ජල ධාරිතාවකින් යුත් මෙම වැවේ විශාල ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් අල්ලාගනු  ලැබ ඇත.

දැනට ඉතිරිව ඇත්තේ අක්කර අඩි 200කටත් වඩා අඩුවෙන් ජලය පිරෙන ප්‍රමාණයක් බවට ගෝවීහු චෝදනා කරති.

මෙම වැව වසර 12ක් පමණ තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයක් නොකිරීම හේතුවෙන් කැලෑවෙන් වැසී ගොස් ඇතැයි ගොවීහු කියති.

මේ අතර පළාතේ ප්‍රබල දේශපාලනඥයකු වැවේ විශාල හෝටලයක් ඉදි කර ඇති අතර තවත් පිරිස් වී සහ පොල් ඇතුළු විවිධ වගාවන් කර ඇතැයි  ප්‍රගති ගොවි සංවිධානයේ සභාපති කේ.එච්. අනුර මහතා කියයි.

මේ අතර අනවසර අල්ලාගැනීම් හේතුවෙන් වැව මේ වන විට අක්කර අඩි 200 කටත් වඩා එනම් අක්කරයක පමණ ප්‍රමාණයකට කුඩා වී ඇතැයි මේ පිළිබඳව කළ විමසීමකදී ලු‍ණුගම්වෙහෙර වාරිමාර්ග ඉංජිනේරු කේ. හර්ෂණ කුමාර මහතා  පැවසීය.

අනවසර ඉදිකිරීම් සහ වැව වටේ ඉඩම් අල්ලාගෙන කොටු කර ගැනීම හේතුවෙන් එහි මැනුම් කටයුතු පවා සිදුකිරීමට අපහසු වී ඇති    බව ඔහු කීවේය.

වැවේ ඉඩම් අල්ලා ගත් පුද්ගලයන් වැවට මුදා හරින අපද්‍රව්‍ය මෙන්ම  පාසි වර්ග සහ ඝන කැලෑවක් ලෙස ගහ කොළවලින් වැසී යාම හේතුවෙන් එහි ජලය අපවිත්‍ර වී ඇති බව ඉන් ප්‍රදේශය  පුරා අධික දුර්ගන්ධයක් පැතිරෙන බවත් වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය.

මෙම තත්වය  නිරීක්ෂණය කිරීමට අප එහි ගිය අවස්ථාවේ ගොවීහු සියයකට වැඩි පිරිසක් පන්නෙගමුව වැව අසලට රැස්ව සිටියහ.

ප්‍රබල දේශපාලනඥයකු අක්කර 5 ක පමණ භූමියක් වට කර හෝටලයක් ඉදි කරන ආකාරය එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.

 පානීය නළ ජල පහසුකම් ලබා ගැනීමට නොහැකිව පන් දහසකට වැඩි පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටියදී එම ඉදිකරමින් යන හෝටලයට නල ජල පහසුකම් ලබාදීමට ද  කටයුතු කර ඇති ආකාරය ගොවීහු පෙන්වා දුන්හ.

 වැව තුළ  අඩි පහළොවක් විස්සක් පමණ උසැති මහා ගස් වැවී කැලෑවෙන් වැසී ගොස් ඇති නිසා දේශපාලනඥයා ඉදි කළ අනවසර ඉදිකිරීම් කිසිවක් ඈතට නොපෙනෙන බව ද ගොවීහු සඳහන් කළහ.

වසර ගණනක් තිස්සේ මෙලෙස අනවසර ඉදිකිරීම් සිදුවෙද්දී අදාළ බලධාරීන් ඊට නිසි පියවර නොගැනීම පුදුමසහගත බවද ගොවීහු සඳහන් කළහ.

මේ පිළිබඳව තිස්සමහාරාම  මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර විජයමුණි මහතාගෙන් කළ විමසීමේ දී ඔහු මෙසේ පැවැසීය.

 ප්‍රදේශයේ සෞඛ්‍ය  තත්ත්වය පවත්වාගෙන යෑමට අපවිත්‍ර වූ ජලය සහිත පන්නෙගමුව වැව විශාල කරදරයක්. ඒ පිළිබඳව වාරිමාර්ග ඉංජිනේරුවරයාට සහ ජලජීවී පරීක්ෂණ ආයතනයට ද ලිඛිතව දැනුම්දීමට කටයුතු කරනවා යැයිද ඔහු කීවේය.

මේ අතර ලු‍ණුගම්වෙහෙර ජලාශයෙන් පෝෂණය වන පන්නෙගමුව වැවේ ජලය යොදා ගනිමින් කුඹුරු අක්කර 600ක වී වගා කටයුතු සිදු කරන බවත් වැවෙහි දැනට රඳවා ගත හැක්කේ වතුර මුර දෙකකට  අවශ්‍ය ජලය පමණක් බව ගොවි සංවිධානයේ සභාපති  එස්. ජාලියගොඩ මහතා සඳහන් කළේය.

පන්නෙගමුව වැව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරදෙන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී  වසර ගණනාවක් තිස්සේ ඉල්ලීම් කළත් ඵලක් නොවූ බවද ඔහු කීවේය.



අදහස් (8)

පන්නෙගමු වැව ගොඩකර හෝටල් හදලා

swene Tuesday, 18 July 2023 06:30 AM

දේශපාලකයින්ට හෝ වෙනත් බල පුළුවන්කාරකම් වලට යටවී රාජකාරි කල අය නිහඬ වීම ප්‍රශ්නයක් . එක්කෝ රස්සාව අත හරින්න ඕන. නැත්නම් මාරුවක් හදා ගෙන යන්න ඕන. ඔවුන් මෙතෙක් ගෙන තිබු පියවර මොනවාද කියල පරීක්ෂණයක් අවශ්‍යයි. පඩි සහ වරප්‍රසාද ගත්තේ අහවල් දෙයකටද ?

:       0       6

පැරකුම් Tuesday, 18 July 2023 07:42 AM

ලු‍ණුගම්වෙහෙර වාරිමාර්ග ඉංජිනේරු කේ. හර්ෂණ කුමාර මෙතෙක් කල් උඩ බලාගෙන උන්නෙ ඔය කියන දේශපාලුවාට බයෙන්ද නැත්නම් පගාවටද? අනෙකුත් අදාල බලධාරීන්ද එසේම වියහැක. රටකට ගිය කල…! මේ පිලිබදව රජය ගනු ලබන ක්‍රියාමාර්ගය දෙස අපි බලා සිටිමු

:       0       5

විස්කම් Tuesday, 18 July 2023 08:23 AM

කවුද මහින්ද අමරවීරද?

:       0       1

දේශපාලුවො පෙරට රට වලට Tuesday, 18 July 2023 12:47 PM

මහින්ද වෙන්න පුළුවන් ඒත් උන්දැ කියලා තිබුනා කුඹුරු වලට වතුර නැතුව පාලුවට යනවා කියලා ඉතින් වැව් ගොඩකර හෝටල් හැදුවාම කුඹුරු කරන්නෙ කොහොමද ඔය පැත්තේ මාලිමාව කැරකෙනවා නේද ඇත්තටම උන්දැලා ඕක දැක්කෙ නැතෙයි මොන දේශපාලුව වුනත් ඌට ජීවිතාන්තය දක්වා සිරගත කරන්න ඕන මේ ගැන නොබැලූ නිසා මාලිගාවට ජයවේවා කියන්න බැහැ මේ වැව නැවත හදනවා කිවිවොත් මිස මාලිගාවට සහාය දෙන්න බැහැ

:       0       3

Nandalal DE SILVA - FranceTuesday, 18 July 2023 01:45 PM

අපෝ නෑනේ .ඔය අසමජ්ජාති වැඩේ කලේ මැදමුලන රංචුවේ හිටපු පොලිස් කොස්තාපල් ,නාකි චමල් කියලා කතාවකුත් පළාතේ පැතිර යනවා .මුන් ඔක්කොම එක වල්ලේ පොල්

:       0       0

ලුම්බිණි Tuesday, 18 July 2023 09:55 AM

ප්‍රබල දේශපාලනඥයකු කියන්නේ මොකද? මේ වගේ දේවල් කරන්නේ නිතිය නොපිළිපදින මැරයන්. මොකද මැර දේශපාලනඥය කියන්න බැරි?

:       0       7

Bunny Preena Tuesday, 18 July 2023 12:09 PM

ඔක්කොමලා ලොකු නින්දක ඉඳලා දැන් තමයි ඇහැරිලා තියෙන්නේ

:       0       2

Bamunuarachchi Friday, 21 July 2023 04:38 AM

මේ සියල්ල කෙරෙන තුරු ගොවි සංගම් බම්බුගහැව්වාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site