(සුමිත් පොතුපිටිය)
පානදුර සලිදු නොහොත් සෙල්ලප්පෙරුමගේ සළිදු මල්ෂික ගුණරත්න නමැත්තාට පානදුර අතිරේඛ මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා විසින් අද (23) වරෙන්තු නියෝග කර තිබේ.
සැකකරුට පානදුර මහාධිකරණයෙන් ලබාදී ඇති ඇප කොන්දේසි මත පෙරේදා ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පෙනීසිටින ලෙස ලබාදී ඇති උපදෙස් පරිදි දෙසැම්බර් 22 ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී නොසිටි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් පානදුර අතිරේඛ මහේස්ත්‍රාත් වරයා හමුවේ ඉදිරිපත් කල කරුණු සලකා බලා එකී වරෙන්තුව නිකුත් කර තිබේ.
සිය සේවා දායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් එදින නොපැමිණි බවත් ඉදිරි නඩු වාරයේදී වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන බවත්, ඉදිරි නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනීසිටින බවත් සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මනෝරිකා විජේතුංග මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියේය.
එමෙන්ම සැකකරු හට මරණ තර්ජන පවතින බැවින් නිතර නිතර අධිකරණ සහ පොලිස් ස්ථාන වෙත ගමන් කිරීම සැකකරු ගේ ජීවිතයට තර්ජනයක් බවටද නීතිඥ මහත්මිය සදහන් කර සිටින ලදී.
සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාලව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ ඇප මත නිදහස් කරන ලදි.
ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා නගා නඩු පවරා තිබේ.
නීතිඥ මනෝරිකා විජේතුංග නීතිඥ මහත්මීන් විත්තිය වෙනුවෙන් පෙනීසිටින ලදී.
නඩුව 2025 පෙබරවාරි 10 දින යලි කැදවීමට නියමිතව ඇත.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පානදුර සළිදුට වරෙන්තු
sam Tuesday, 24 December 2024 09:08 AM
මූ රටෙන් පනින්න කලින් නඩු අසා දඬුවම් කරන්න