IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පානදුර සළිදුට ඇප

(සුමිත් පොතුපිටිය)

පානදුර සලිදු නොහොත් සෙල්ලප්පෙරුමගේ සළිදු මල්ෂික ගුණරත්න නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් නියෝග කර තිබේ.

එකී ශරීර ඇප වලට අමතරව සැකකරු වෙත දැඩි ඇප කොන්දේසිද නිකුත් කර ඇත.

සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාලව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ  ඇප  මත නිදහස් කරන ලදි.

ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක්  සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා නගා තිබිණි.

නීතිඥ ජාලිය සමරසිංහ , ජයබදු  කළුපහන, හේමන්ත කුමාර ,අශෝක ධර්මරත්න, බී ඒ ආර් බමුණුසිංහ, ශානිකා කාරියවසම්, සංජුලා සුරවීර සහ එච් කේ කේ හීනටිගල යන නීතිඥ මහත්ම මහත්මීන් විත්තිය වෙනුවෙන් පෙනීසිටින ලදී.

නඩුව 2025 පෙබරවාරි 10  දින යළි කැදවීමට නියමිතව ඇත.



අදහස් (7)

පානදුර සළිදුට ඇප

බකල ජයා Friday, 20 December 2024 02:12 PM

කුඩු විකුණන මිනීමරුවෝද මනුෂ්‍යයෝය.

:       76       29

SiripalaFriday, 20 December 2024 06:42 PM

ආරක්ෂක අංශ මගින් අපහසුවෙන් අල්ලාගත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් (සියලු El ChapoS ලා) මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කිරීමට පැමිණි JVP/ මාලිමා ආණ්ඩුව මේ වනවිට නිදහස් කරමින් සිටියි.

:       0       0

වෑල්ඩින් ආචාරියා Friday, 20 December 2024 02:27 PM

ඔය තියෙන්නේ පුනරුදේ. ඕකට තමයි ලංකාවේ හරක් ඡන්දේ දුන්නේ. දේශබන්දු යුක්තිය කරනකොට පුදුම අමාරුවක් ඔය ජෙප්පන්ට තිබුනේ. කාලකන්නි, රට ඉන්දියාවටයි, කොටින්ටයි පාතාලෙටයි අයිති වෙලා දැන්...

:       26       87

Kasun Friday, 20 December 2024 02:32 PM

කුඩ්ඩො අරගල කරලා ගෝඨා එලෙව්වේ ඕවා දිනාගන්න තමයි. අදටත් සමාජ මාධ්‍ය වල මාලිමා කමෙන්ට් කුඩ්ඩන්ගේ සහ පාතාලයේ බව ප්‍රසිද්ධ රහසක්...! 

:       25       76

අමල් Friday, 20 December 2024 02:58 PM

2025 පෙබරවාරි 10 දා නඩුව කැඳෙව්වාම, බෙලාරුස්වලට‍ වරෙන්තු නිකුත් කරන්න බැරි ඇයි? එක මිටට කුඩ්ඩන්ට රට! පුනරුදයට ජය වේවා..!

:       15       70

යෝගා Friday, 20 December 2024 04:20 PM

මාලිමාවේ බලවත් ඇමැති කෙනෙක්ගේ රැකවරණය ලැබිලා ඇති...

:       12       49

sam Saturday, 21 December 2024 04:15 AM

මිනීමරුවන් නිදහස් කරන්න එපා. මිනීමරුවන්ගේ නමින් අහලා වැරදි නම් මරණ දඬුවම දෙන්න. නැතිනම් මේ අය තවත් මිනී මරනවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site