( සුමිත් ප්‍රේමතිලක )
විදේශ රටක සැඟව සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම් මෙහෙයවන බැව් කියන " පානදුර සළිදු" නැමැත්තාගේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ යුද හමුදා සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි .
මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ බණ්ඩාරගම, මස් විල සහ රේරුකාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසිය කීය.
ලද තොරතුරක් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිනිශ්සංක මහතා ඇතුළු පොලිස් කණ්ඩායම බණ්ඩාරගම ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් සන්තකයේ තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 40 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ,වැඩිදුර විමර්ශන සඳහා සන්තකයේ තිබූ ජංගම දුරකථන ද පොලිස් භාරයට ගෙන තිබේ .
අත්අඩංගුවට පත්ව ඇති සෙබලා යුද හමුදා පොලිස් හේවා බලකායට අයත් මුලතිව් යුද හමුදා කඳවුරේ සේවය කරන අයෙකු බව පොලිසිය කීය.
සැකකාර සෙබළා ඉකුත් ජූලි 30 දා බණ්ඩාරගම , රේරුකාන ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු කිලෝ හතළිහකට ආසන්න ප්‍රමාණයක් නිවසේ සැගවීමට ආධාර අනුබල දුන් අය බවටද හදුනාගෙන ඇතැයි වැටලීමට එක්වූ පොලිස් නිලධාරීයෙක් පැවසීය .
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනි .
පාණදුර කොට්ඨාස පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , පොලිස් අධිකාරී 1 උදය අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ,ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙන් ,උප පොලිස් පරීක්ෂක දිසානායක සැරයන්වරුන් වන ලාල් (18397), අනුර (27061), කොස්තාපල්වරුන් වන වසන්ත (69918) , පුෂ්පකුමාර (82409), අමරජීව ( 80100 ), 94074 පැතුම් (94074), සුරවීර (37454) යන නිලධාරීන් වැටලීමට එක්වූහ .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
’පානදුර සළිදුගේ’ කුඩු ජාවාරම මෙහෙයවු හමුදා සෙබළකු ඇතුළු 2 ක් දැලේ