IMG-LOGO

පානදුර විරෝධතාකුරුවන් පළවා හරිති

(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

පානදුර නගරයේ ගාලුපාර අවහිර කරමින් පවත්වාගෙන ගිය විරෝධතා පෙලපාලියට අද  පස්වරුවේ ප්‍රදේශවාසීහු පිරිසක් කඩාවැදී විරෝධතාකරුවන් පලවා හැරීමට කටයුතු කළහ.

ත්‍රිරෝද රථ රියදුරන් පානදුර ඔරලෝසු කනුව ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් ආරම්භ කළ විරෝධතාවයට ඊයේ (19) රාත්‍රි වනවිට තවත් පිරිසක් සම්බන්ධවී සිටී අතර , ඔවුන් අද උදෑසන පානදුර ශ්‍රී ලංගම බස් නැවතුම්පොළ ඉදිරිපිට සහ සතොස වෙළෙඳ ඉදිරිපිටද ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවය ආරම්භ කර තිබුණි.

පසුව ඔවුන් පානදුර අතුරුමාර්ගද වසාදමා විරෝධතාවය පවත්වාගෙන ගිය අතර , මේ සම්බන්ධයෙන් උරණවූ ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාකරුවන් සමග උරණවී ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් පසු ප්‍රදේශවාසීන් විරෝධතා කරුවන් ඉදිකර තිබූ ටෙන්ට් ආවරණ ගලවා ඉවත්කර මාර්ගය විවෘත කිරීමට කටයුතු කරනු ලැබීය.



අදහස් (7)

පානදුර විරෝධතාකුරුවන් පළවා හරිති

කිරි පුතා Wednesday, 20 April 2022 07:17 PM

ඕනෑම දේක පිළිවෙලක් තියෙනවා. කාලකන්නි වුණු පලියට සාමාන්‍ය ජන ජීවිතයට හිරිහැර කරන්න අවශ්‍ය නෑ. මං විශ්වාස කරනවා සාමාන්‍ය ජනතාව මෙවැනි පළවාහැරීම් දිගටම කරයි කියලා...

:       28       119

Kcn Wednesday, 20 April 2022 07:34 PM

දැන් ශෝක්.. මිනිස්සු මිනිස්සු ඇණ කොටා ගන්නවා. මහජනයා අපහසුතාවයට පත් වීම අවම මට්ටමෙන් තියාගෙන විරෝධතා නොකළොත් මේකයි වෙන්නේ... පාලකයින්ටත් ඕන මේක වෙන්නයි.

:       3       130

SUNIL MILANO Wednesday, 20 April 2022 08:23 PM

නියමයි, මෙය දිගටම පවත්වාගෙන යා යුතුයි. මේ ජෙප්පන්ට කවදාවත්ම අමතක නොවන පාඩමක් ඉගැන්විය යුතුමයි.

:       90       77

mp Wednesday, 20 April 2022 08:30 PM

ජේවීපී එකටම යන්න ඇති....

:       40       51

Ravindu Thursday, 21 April 2022 11:25 AM

මමත් පානදුර තමා.. මේකෙ පාර හරස් කරන් හිටියෙ ඒ කාලෙ චේන් කඩපු දේශපාලකයෙක්ගෙ ගෝලයො සෙට් එකක්

:       0       3

චන්දන Thursday, 21 April 2022 12:24 PM

මේ පාරවල් හරස් කළාම වද විඳින්නේ සාමාන්‍ය ජනතාවම නේද? ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? හෙට අනිද්දා මෙම තත්ත්වය තිබුණොත් එදිනෙදා කුලීවැඩ කරන අය එකතුවෙලා මේ අයට නෙලනවා හොඳට. එදාට කියන්න එපා ගෝඨාට කඩේ යනවා කියලා...

:       0       0

සුනිල් Thursday, 21 April 2022 10:14 PM

කවුරු විරෝධතා කෙරුවත් සාමාන්‍ය ජන ජීවිතයට බාධා නොකළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ අය එය හොඳින් දැනගත්තොත් හොඳයි. දේපළ විනාශ කිරීම සහ ඝාතන මතින් රාජ්‍ය බලය ඇල්ලීමට දෙපාරක් උත්සාහ කළ ඔවුන් දැන් නැවත එම නාට්‍යයම රඟපාන්න යනවා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 795 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1208 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site