IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පානදුරේ කිඹුලා අල්ලයි

(සුමිත් පොතුපිටිය)

පානදුර වෙරළේ සැරිසැරූ අඩි 7 ක් පමණ දිගැති කිඹුලා අද පස්වරුවේ අල්ලා ගැනීමට පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සමත්ව ඇත.

දින කිහිපයක් මුළුල්ලේ පානදුර මුහුදු වෙරළා ආසන්නයේ සැරිසරා ඇති කිඹුලා ඊයේ පස්වරුවේ පානදුර පොලිස් අධිකාරී කාර්‍යාලය ඉදිරිපිට වෙරළට පැමිණ සිටි අයුරු ධීවරයකු දැක වෙරළ ආරක්ෂක නිළධාරීන් දැනුවත් කර තිබුණි .

ඒ අනුව වෙරළ ආසන්නයේ අද ජනතාව ගැවසීම අඩුව තිබූ අතර ජීවිත ආරක්ෂක නිළධාරීන් කළ විමර්ශනවලදී කිඹුලා සිය ග්‍රහණයට නතුකර ගත්බව වෙරළ ආරක්ෂක නිළධාරීන් පැවසීය .

අත්තිඩිය වනජීවි කාර්‍යාලය දැනුවත් කර ඇති අතර, වනජීවි නිළධාරීන් පැමිණීමට නියමිත බව සදහන් වේ.

 



අදහස් (1)

පානදුරේ කිඹුලා අල්ලයි

sunimal Sunday, 30 April 2023 11:08 AM

පොලිසිය ළඟට ආවේ අසාධාරණයට ලක්වුණු කිඹුලෙක්ද? මහත්තයා පහරදෙනවා කියන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site