IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පනත් කෙටුම්පත් එකොළහකට අනුමැතිය

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දෙවනවර කියැවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් එකොළහකට අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය අද (23) හිමිවිය.

එම කාරක සභාව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී   ඊයේ (22)  රැස්විය.

මේ අනුව, අන්තරායකර සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත මගින් රුපියල් දහසේ දඩ මුදල රු. දෙලක්ෂ පනස් දහස දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත. එසේම ළමයින් සහ තරුණ තැනැත්තන් සංශෝධන) පනත් කෙටුම්පත මගින් “ළමයකු” ලෙස සඳහන් කළ යුතු පුද්ගලයාගේ වයස අවුරුදු දහසයේ සිට අවුරුදු දහඅට දක්වා සංශෝධනය කිරීමටද   කාරක සභාවේ එකගත්වය හිමිවිය.

තවද, නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත, අන්තිම කැමති පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත, ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත, වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, සුළු හිමිකම් අධිකරණ කාර්යපටිපාටිය පනත් කෙටුම්පත, පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන  (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සදහා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාවේ අනුමැතිය  හිමි විය.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, ඩයනා ගමගේ,  ජානක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන   චන්දිම වීරක්කොඩි, එම්.එස්. තවුෆීක්,  චාල්ස් නිර්මලනාදන්, ප්‍රේම්නාත් සී. දොලවත්ත,  සුදත් මංජුල,  උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, යන මහත්ම මහත්මීන් රාජ්‍ය නිලධාරීන්  ඇතුළු පිරිසක්  සහභාගී වූහ.



අදහස් (0)

පනත් කෙටුම්පත් එකොළහකට අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 602 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site