ශ්රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක සහ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක ගිලී ඇති මොහොතක "පැන්ඩෝරා පත්‍රිකා" පිළිබඳ විමර්ශනය ඇන හිට ඇතැයි ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය පවසයි.
"පැන්ඩෝරා පත්‍රිකා" හෙළිදරව්ව ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් සිදු කරනු ලැබීහ.
හිටපු රාජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා විදේශ සමාගම් භාවිතා කරමින් ලොව පුරා සිය ධනය සැඟවමින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 18 වඩා වැඩි මුදලක් උපයා ගැනීමට සමත් වූ බව ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ගිය වසරේදී අනාවරණය කළේය.
"පැන්ඩෝරා පත්‍රිකා" හි රහසිගත ලිපිගොනු අනාවරණය කළේ 2011 වසරේ දී යුවළගේ වත්කම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 160 ක් වන බවයි.
මේ කාරණාව සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය විමර්ශනයක් ආරම්භ කළ අතර මේ වන විට එම විමර්ශන ඇනහිට ඇතැයි ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ප්‍රකාශ කළේය.
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පැන්ඩෝරා විමර්ශන ඇන හිටියි
Athula Friday, 22 April 2022 10:08 AM
විහිළු තමයි... හොරාගේ අම්මගෙන් පේන අහන විමර්ශන...!