
(අංජුල මහික වීරරත්න)
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන් සහ තෙවන චාල්ස් රජු අතර හමුව සාර්ථකව අවසන් විය.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මියගෙන් මීට මසකට පමණ පෙර කරන ලද ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලු රටවල නායකයන් රාජාභිෂේක උළෙලට සහභාගී වන හෙයින් එම නායකයන් සහ චාල්ස් රජු අතර හමුවක් සංවිධාන කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් වරියගෙන් ඉල්ලා තිබිණි.
බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම රාජාභිෂේක උත්සවයට සහභාගී වෙයි.
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබී හිදී අද (6) පැවැත්වෙයි.
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 4 වැනිදා පෙරවරුවේ මහා බ්‍රිතාන්‍ය බලා පිටව ගියේය.
රාජාභිෂේක උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන 8 වෙනි දා පෙරවරුවේ නැවත දිවයිනට පැමිණීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
511
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුව සාර්ථකව අවසන් වෙයි
sukitha Saturday, 06 May 2023 08:49 AM
රාජාභිෂේකය කියන්නේ උත්සවයක්. සැමරීමක්. ප්‍රීතිමත් අවස්ථාවක්. මොහුගේ අති පණ්ඩිතකමට එයට දේශපාලනයක් ගාව ගෙන. රජාට පක්ෂපාතිත්වය පෙන්වන්න රැස්වීම ඉල්ලලා. රජපවුලවත් බලාපොරොත්තු නොවුණු ලොන්ඩරි වැඩක් කරලා තියෙන්නේ. ජාත්‍යන්තර නායකයා නම හදා ගන්න විදිය.
Jagath Wickramasekara Saturday, 06 May 2023 08:51 AM
All the best Mr. President Ranil
sachith Saturday, 06 May 2023 10:57 AM
"පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලු රටවල නායකයන් රාජාභිෂේක උළෙලට සහභාගී වන හෙයින් එම නායකයන් සහ චාල්ස් රජු අතර හමුවක් සංවිධාන කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් වරියගෙන් ඉල්ලා තිබිණි." මේවා හොඳයි සාගල වගේ අයව චූන් කරන්න.
Bamunuarachchi Saturday, 06 May 2023 12:08 PM
ජෙප්පෝ මෙහෙ බෙරිහන් දෙනවා. අපේ ලොක්කගේ ඉල්ලීමටයි පොදුරාජ්‍ය මණ්ඩලය රැස්වෙලා තිබෙන්නේ. අපේ ලොක්කා නොගියානම් මොකක්ද තත්ත්වය? පොදුරාජ්‍ය මණ්ඩලය රැස්වෙන්නේ නැහැ? අනුරට පුලුවන්ද පොදුරාජ්‍ය මණ්ඩලය රැස්වෙන්න කියන්න අම්මපා?
චාර්ලිස් අයියා Saturday, 06 May 2023 01:36 PM
චාල්ස්ගෙ රාජාභිශේකයත් කරන්න කියලා ඉල්ලලා තියෙන්නෙ රනිල් ලු... වජිර හෙට අනිද්දම කියයි... ඒකට පවුම් කෝටි 10 ක් ඉල්ලුවෙත් රනිල් ලු... හෙට අනිද්දම රංගේ බංඩා කියයි... 6 වෙනිදා එංගලංතෙ බැංකුවලට නිවාඩු දෙන්න කිව්වෙ රනිල් ලු... හෙට අනිද්දම අකිල කියයි....