(සුජිත් හේවාජුලිගේ)
කෙහෙල් බද්දර පද්මේ සහ කුඩු සළිඳු ඇතුළු පාතාලකරුවන් පස්දෙනා සමග මුල් කාලයේදී සබඳතා පැවැත් වූ බව පැවසෙන හිටපු ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් අට දෙනෙකු සහ කලාකරුවන් කිහිප දෙනෙකු පිළිබඳවද විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් දුරකතන වාර්තා විශ්ලේෂණය කරමින් පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යන බව පොලිසිය පවසයි.
එසේම මෙම පාතාලකරුවන් සමග සබඳතා පැවැත්වූ බව පැවසෙන රජයේ නිලධාරීන් පිරිසක් පිළිබඳවද විමර්ශන අංශවල ඉහළ අවධානය යොමුව ඇත.
මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම පාතාලකරුවන් සහ දේශපාලනඥයන් කිහිප දෙනෙකු අතර මුල් කාලයේ තිබූ සබඳතා කිහිපයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවයි.
කෙහෙල්බද්දර පද්මේ සහ කුඩු සලිදු ඇතුළු ප්‍රධාන පෙළේ පාතාලකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් සමග ගනුදෙනු පැවැත්වූ ප්‍රසිද්ධ පාතාල නායකයන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ ගෝලබාලයන් පනහකට ආසන්න පිරිසක් සිය ගම්බිම් අතහැර ගොස් ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මෙසේ පලා ගොස් ඇති වැඩි පිරිසක් දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ අය වෙති.
එසේම මෙම පාතාලකරුවන් පස්දෙනා සමග කිට්ටු සබඳතා පැවැත්වූ බව කියන විදේශයන්හි සිටි තවත් පාතාල නායකයන් තිදෙනකු වෙනත් රටවලට පලා ගොස් ඇතැයි පවසන එම ආරංචි මාර්ග එසේ පලා ගොස් ඇති පාතාලකරුවන් සම්බන්ධයෙන්ද පොලීසිය විමර්ශන ආරම්භ කර ඇතැයිද ප්‍රකාශ කළේය.
කෙහෙල්බද්දර පද්මේ සහ කුඩු සලිදු ඇතුළු පාතාලකරුවෝ පස්දෙනා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන පසුගියදා මෙරටට රැගෙන එනු ලැබූහ. විමර්ශන නිලධාරීහු ඔවුන් තැන් කිහිපයක රඳවා ප්‍රශ්න කරමින් සිටිති.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පද්මේලා එක්ක හාදකම් පෑ හිටපු මැති ඇමති රොත්තක් ගැනත් විමර්ශන
උකුස්සා Saturday, 06 September 2025 01:57 PM
හැම තක්කඩි වැඩක් පිටිපස්සේ පොහොට්ටුව මේක මහා පිළිකාවක් වගේ දැන් ඒක සක්සුදක් සේ පැහැදිලියි අරුන්ගේ වමාරනය එක්ක තවත් පැහැදිලියි. තවත් එනවා ආණ්ඩුව මර්දනය ගැන කියන්න.
BBC Saturday, 06 September 2025 03:00 PM
දකුණ නම් අම්මොහ් !!! මුන් දැන් අනික් පැතිවලට හොරෙන් රිංගල ඒවත් විනාශ කරනවා...
කපුරුහාමි Saturday, 06 September 2025 03:17 PM
බලලෝබී බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවෝ පාතාලකාරයෝ එක්ක හාදකම් පවත්වපු හැටි දන්නෝ දනිති. ඔවුන්ව ආරක්ෂා කළා. ඡන්ද ව්‍යාපාර කරගෙන් ගියා. කඩාකප්පල්කාරී වැඩවලට යොදා ගත්තා. සුදුවෑන් ඝාතන අතුරුදහන් පිටිපස්සේ ඉන්නෙත් ඒ අය...
Asela Saturday, 06 September 2025 03:39 PM
පුදුම වෙන්න දෙයක් නැහැ... ජාතියේ අප්පච්චි ඔය පක්ෂය හදුවේම රටේම ඉන්න මැරයෝ... කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, හොරු , වංචා කාරයෝ සහ තවත් අපරාද කාරයෝ ටික එකතු කරලා... පුදුම වෙන්න ඕනේ ඔය පක්ෂෙට රටේ පාලන බලය දෙන්න ඕනේ කියාගෙන මිනිස්සු ටිකකුත් ඉන්නවා දැක්කාම...