(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව කනගරායන්කුලම් පුදූර් රක්ෂිතයේ කැලෑවක තුවාල ලබා ඇති දළ ඇතෙකුගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සහයක නිරත වන බවට වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.
මෙම දළ ඇතාගේ පසුපස පාදය දැඩි ලෙසින් තුවාල වීම හේතුවෙන් ඇතාට ඇවිදීමට නොහැකිව වතුර වලක වැටී සිටින අතර එලෙස තුවාල වීඹට හේතුව වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් බවට වනජීවි නිලධාරීන් සැකකරයි.
දින දෙකක පමණ කාලයක් දළ ඇතාට උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී ගිරිධරන් මහතා ඇතුලු වව්නියාව වනජීවි නිලධාරීන් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කිරීමේ කටයතු සිදු කරයි.
වව්නියාව මඩුකන්ද ශ්‍රීදලදා විහාරස්ථානයේ විහාරාධිපති මුවඇටගම ආනන්ද හිමියන් සහ ය ළිඳවැවේ අමරජෝති හිමියන් දළ ඇතා වැටී සිටින ස්ථානයට ගොස් සෙත්පිරිත් සජ්ඣයනා කර ඉක්මන් සුව ප්‍රර්ථනා කළහ..
ආහාර නොමැතිව සිටින මෙම දළ ඇතාට ආහාරපානාදිය මෙන්ම දළ ඇතාගේ ආරක්ෂාව සඳහා කනගරායන්කුලම් යුද හමුදා නිලධාරීන්ද සහය ලබා දෙනු ලබයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාදයේ තුවාලයෙන් වේදනා විඳින දළ ඇතාට බුදුපුත්හු උවටැන් කරති.