IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පුද්ගලයන් 14 දෙනකුගේ මුදල් වංචා කළ සැකකරුවෙක් සොයයි

(ඉන්දිකා  රාමනායක)

නිවාස ඉදිකර දෙන බවට සහ  ණය පහසුකම්   මත නිවාස ඉදිකර දෙන බවට පවසා  අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින්  රුපියල් කෝටි 2 ට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලික ඉදිකිරීමේ සමාගම් හිමිකරුවෙක් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහය පතයි.

මෙම සැකකරුට එරෙහිව පුද්ගලයන්  14 දෙනෙකුගෙන් නුගේගොඩ කොට්ඨායේ මිරිහාන විශේෂ අපරාධ  විමර්ශන  අංශය වෙත    පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසයි.

 මෙම පැමිණිළිකරුවට  පමණක් සැකකරු රුපියල් 19,2,15,000 ක මුදලක් වංචා කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

පොලීසිය මගහරිමින් සැගව සිටින ඉහත ඡායාරූපයේ සිටින පුද්ගලයා  සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත්  නුගේගොඩ කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයාගේ 071 – 8591641 දුරකථන අංකයට හෝ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට 011 – 2852556 ල 071 – 8137373 මෙම අංක ඔස්සේ අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මාධ්ය  අංශය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි



අදහස් (0)

පුද්ගලයන් 14 දෙනකුගේ මුදල් වංචා කළ සැකකරුවෙක් සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site