
(සමන් පාලිත නානායක්කාර )
ධාවන කාලසටහනක් මුල් කරගෙන ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ලංගම හා පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරු අතර ඇති වූ ගැටුමකින් අද (08) බණ්ඩාරවෙල ඩිපෝවේ සියලු බස්රථ ධාවනයෙන් ඉවත් වී ඇති බව බණ්ඩාරවල ඩිපෝව පැවසීය.
ගැටුමෙන් පසු දෙපාර්ශවයේම කොන්දොස්තරවරු හා රියදුරුවරු ඇතුළු හතර දෙනකු බණ්ඩාරවෙල දිසාරෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවද පොලිසිය පැවසීය.
ලංගම බස් රථ සේවකයින් දෙදෙනා සහ පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනා මෙලෙස රෝහල් ගත කර තිබේ. මේ හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවයකට පත් වී සිටිති.

2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෞද්ගලික-ලංගම ගැටුමෙන් බණ්ඩාරවෙල බස් ධාවනය නවතී
sudda Wednesday, 08 May 2024 09:37 AM
අනේ අපි මොන තරම් කාලකන්නි රටක් ද ? මගී ප්‍රවාහනයේ යෙදෙන මේ දොගොල්ලෝම නයි මුගටි වගේ . ආයතන නම් හැට හුට හමාරක් තියෙනවා එත් මේ දෙගොල්ලන්ගෙන් කාර්යක්ෂම හා විනීත සේවයක් ලබාගන්න බැරි වෙලා තියෙනවා කියන්නේ මේ හැමෝම ලජ්ජා .වෙන්න ඕන . අද බණ්ඩාරවෙල , ආයෙත් හෙට තව තැනක . ලැජ්ජයි
himal Wednesday, 08 May 2024 10:54 AM
ආයතන කියන්නෙ ඉතින් දෙපැත්තක් ගහ ගත්තාම රෝහලයි, පොලිසියයි, උසාවියයි තමයි.
Kasun Wednesday, 08 May 2024 05:42 PM
බස් අයිතිය තනි පුද්ගලයින්ට දීමට තීරණය කරපු ඇමැතිතුමා, නිලධාරි සියලුම දෙනා මතක් කළා කියන්න. සිංගප්පූරුවේ නම් තනි අයිතිය දෙන්නේ නැහැ.