IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


පෞද්ගලික බස් රථවලට ලංගමෙන් ඉන්ධන


(නිමල කොඩිතුවක්කු)

පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝවලින් හෙට(04) දිනයේ සිට  ඉන්ධන ලබා ගැනිමට ක්‍රමවේදයක් සකස් කරන බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පොරොන්දු වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

බස් සංගම් නියෝජිතයන් සමග බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ(03) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසූ බවත් ඔහු කීවේය.

පෞද්ගලික බස් රථ ධාවනය සඳහා ඩීසල්  ලබා දීමේ වැඩපිලිවලක් ක්‍රියාත්මක නොවුනහොත් හෙට(04) වනවිට බස් ධාවනය සම්පූර්ණයෙන්ම ඇණ හිටීමේ තත්ත්වයක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

විසිදහසක් පමණ ධාවනය වූ පොෟද්ගලික බස්රථ වලින් අද(03) ධාවනය වූයේ පන්  දහසකටත් අඩු සංඛ්‍යාවක් බවත් විජේරත්න මහතා සඳහන් කළේය.

මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදවනවා වෙනුවට බස් රථ පැය 24 තුළම ඉන්ධන පෝලිම් අසල ගාල් කර තැබීමට සිදුවූ බවද  හෙතෙම පැවසීය.



අදහස් (2)

පෞද්ගලික බස් රථවලට ලංගමෙන් ඉන්ධන

Sunil Friday, 04 March 2022 07:35 AM

ඉන්ධන නැතිනම් කොහෙන් දෙන්නද? පිරවුම්හල්වලින් දුන්නත් ලංගමෙන් දුන්නත්, තියෙන්න එපෑ දෙන්න... විකාර කතා...!

:       0       0

සමක්ත Friday, 04 March 2022 08:37 AM

ඇත්තටම මහාමාර්ගවල මේ දිනවල ගමන් කිරීමේදී නිදහසක් දැනෙන්නේ මේ පෞද්ගලික බස්රථ නොමැති නිසයි. ඇත්තටම මේ තෙල් අර්බුදයත් සමග පෞද්ගලික බස් සේවය ඉවත් කරන්න පුළුවන් නම් අපේ රටේ මහා මාර්ග වල විනයක් හදන්න එච්චරටම අපහසුු වෙන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site