
(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාදුක්ක මාවතගම ප්‍රදේශයේ අබලි යකඩ ද්‍රව්‍ය එකතු කිරීමේ වෙළදසැලකට කඩු සහ මන්න අතැතිව පුද්ගලයන් තිදෙනකු එහි සිටි හිමිකරුගේ බිරිඳට සහ සේවකයකුට කැපුම් තුවාල සිදු කර මුදල් සහ රන් ආභරණ කොල්ල කා පළා ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
සැකකරුවන් සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළයතුරු පැදි හිස් වැසුම් පැළද පැමිණි බව ද කියයි.
අතෙහි ඇගිලිවලට බරපතල කැපුම් තුවාල සිදු වූ එම යකඩ බඩු අලෙවි සැලෙහි හිමිකරුගේ බිරිද හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් කැපුම් තුවාල ලැබූ සේවකයා ප්‍රතිකාර ලබාගෙන ඇත.
අදාල වෙළද සැලෙහි දෛනික කටයුතු අවසන් කිරීමට ටික වේලාවක පෙර රාත්‍රි 7 ට පමණ කුඩා යතුරු පැදියක නැගී මෙම කොල්ලකරුවන් තිදෙනා පැමිණ ඇති බවත් ඔවුන් සතුව කඩු දෙකක් සහ දිගැති මන්නයක් වැනි ආයුධයක් ද තිබී ඇති බවත් වෙළදසැලෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරීමේදී හදුනා ගත් බවද පොලිසිය පවසයි.
තුවාල ලැබූ වෙළදසැලෙහි හිමිකරුගේ බිරිද පැළද සිටි රන් ආභරණ සහ වෙළදසැලෙහි මුදල් ලාච්චුවේ තිබූ මුදල් සැකකරුවන් කොල්ල කා පලා ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාදුක්කේදී මහා කොල්ලයක්
නිහාල් Sunday, 12 May 2024 08:01 PM
අබලි යකඩ ගන්න කඩ පවා මංකොල්ල කන තරමට ඒ මංකොල්ලකාරයො දෙකේ කොලේට වැටිලා
Shashika519 Monday, 13 May 2024 05:32 AM
යුක්තිය ඉවරද?
සෙනෙවිරත්න Monday, 13 May 2024 03:35 PM
යුක්තිය යනු ටිරාන් විසින් දේශබන්දුගේ පිට කැසීමත්, දේශබන්දු විසින් ටිරාන්ගේ පිට කැසීමත් පමණි. අමතරව පොලීසියට ටාගට් දී ඇත. ඒවා බැංකු මූල්‍ය හෝ නිශ්පාදන ආයතන වලට ටාගට් දෙනවා වැනිය, නඩු සහ අපරාද අල්ලන බව පෙන්වීම එම ටාගට්ය, ඒවාට ඔබද ගොදුරු විය හැක. මහ මග යතුරු පැදියෙන් යන ඔබට මේ අත්දැකීම ලැබිය හැක. එහෙත් මේ පුවත් වැනි පුවත්වල අඩුවක් නැත.