IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පුත්තලමේ ලුණු වැස්සට දිය වෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ශ්‍රී ලංකාවේ සමස්ත වෙළෙඳ පොළෙන් සියයට 45 කට වැඩි අස්වැන්නක් හිමිව තිබු පුත්තලමේ ලුණු නිෂ්පාදනය දිගින් දිගටම පවතින වර්ෂා තත්වය හේතුවෙන් අහිමි වෙමින් යන බව එම කර්මාන්තයේ නිරතවූවෝ දැඩි කනස්සල්ලෙන් පවසති.

පුත්තලමේ ලුණු නිෂ්පාදනයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකී.සියවස් ගණනාවක අතීතයට හිමිකම් ඇති පුත්තලමේ ලුණු කර්මාන්තය තරම් තවත් කර්මාන්තයක් ගැන පුත්තලමින් නෑසෙන තරම්ය.

පුත්තලමේ පොල් හා කල්පිටියේ කරවල වලින් නම් දරා සිටියද ලුණුවලට බැදි ඇතී අතිතය සුවිශේෂී වෙයි. ඒ තරමට පුත්තලම ගැන කියවෙන තවත් නිෂ්පාදනයක් නැති තරම්ය.

එතරම් සුවිශේෂ වටිනාකමක් ලබා දී තිබු පුත්තලමේ ලුණු නිෂ්පාදනය මෑතක් වන තුරුම රටේ සමස්ත නිෂ්පාදන දායකත්වයෙන් සියයට 45 කට වැඩි දායකත්වයක් දක්වා තිබිණි. 

පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම,කල්පිටිය, වනාතවිල්ලුව,මුන්දලම යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වලට අයත් ප්‍රදේශ රැසක කලපු තිරයන්ට සමීපව හෙක්ටයාර් 4000 පමණ භුමි ප්‍රමාණයක ලුණු කර්මාන්යේ 2000 කට අධික පිරිසක් නිරතව සිටිති.

ඒ සමගම මෙම කර්මාන්තයෙන් සෘජු හා වක්‍ර රැකියාවේ නිරත පවුල් සංඛ්‍යාව 20000 ඉක්මවති.

ශ්‍රී ලංකාවේ ලුණු පාරිභෝජන අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් එක්ලක්ෂ විසි පන්දහසකි.

එයින් මෙට්ට්‍රික් ටොන් හතළිස් හය දහසක නිෂ්පාදනයක් පසුගිය වසර වලදි පුත්තලම දිස්ත්‍රික්කයෙන් ලැබි ඇති බව පුත්තලම ලුණු සමාගමේ තොරතුරු වලින් සනාථ වෙයි.

කෙසේ වෙතත් මෙම තත්වය 2023 වසරින් පසු සියයට හතළිකටත් වඩා අඩු ප්‍රමාණයක් වාර්තා වන බව කර්මාන්ත කරුවෝ පවසති.



අදහස් (3)

පුත්තලමේ ලුණු වැස්සට දිය වෙයි

ජයනාත් Sunday, 15 December 2024 05:49 PM

ඔන්න ටෙලිෆෝන් එකට තව නිවුස් එකක්... දැන් රටින් ලුණුත් ගේනවා කියලා දැන් ම මයික් ඉස්සරහට යන්න...

:       7       10

Priyantha Dissanayake Sunday, 15 December 2024 10:16 PM

හරියට හරි හෙට අනිද්දාට ලුණුත් නැහැ සූදානම් වෙන්න, මෙතෙක් කාලයක් පුත්තලමට වැහැලා නැහැ. මේ ආණ්ඩුවේ බලමහිමෙන් වහිනවා, ලුණු හේදෙන්නම...

:       0       1

Nandalal de Silva - France Monday, 16 December 2024 03:15 PM

ලුණු අස්වැන්න නෙලා ගත් විගස එය වැස්සෙන් ආරක්ෂා කරගැනීමේ ක්‍රියාදාමයක් ගැනීමට බැරි අයද මෙවැනි ආයතනයක් කළමනාකරණය කරන්නේ? අපේ රටේ ලුණු පොල් කට්ටටත් මෙවැනි ගොබ්බයින් නිසා අබ සරණයි. දැන් ඉතින් පොල් සහ ලුණු නැතුව "පොල් සම්බෝලයක් හදාගෙන, කළුකඩෙන් ගන්න සහල් කිලෝවක් අරං කාලා ඉඳිමු !!! "ඔබට දැන් සැපද?"

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site