IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොත්තපිටිය කන්දේ අතුරුදන් වූ ඩෙන්මාර්ක් තරුණියගේ සිරුර හමුවේ

(චමින්ද වැවතැන්න,ජේ.ඒ.එල්.ජයසිංහ සහ පී ශාන්ත බණ්ඩාර)

කඩුගන්නාව පොත්තපිටිය අලගල්ල කන්ද තරණය කිරීමට ගිය ඩෙන්මාක් තරුණියගේ සිරුර දින හතරකට පසු රඹුක්කන අලගල්ල ප්‍රදේශයේදී හමු වූ බව රඹුක්කන පොලිසිය කියයි.

මෙම කාන්තාව කඩුගන්ව ප්‍රදේශයෙන් කන්ද තරණය කිරීමට ගිය අතර ඇය දින හතරක පෙර සිට අතුරුදන්ව සිටියාය. 

මෙලෙස මිය ගොස් ඇත්තේ ඩෙන්මාර්ක් ජාතික කරේන් මන්ක් එම්බසන් නමැති තරුණියකි.

මිය ගොස් ඇති ඩෙන්මාර්ක් ජාතික කාන්තාව ඉකුත් ජුනි 24 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණ ඇති අතර ඉකුත් ජුලි 01 වැනිදා අම්පිටිය පාර මහනුවර  හෝටලයකට පැමිණ නවාතැන් ගෙන තිබේ.

ජුලි මස 01 සිට 09 වැනිදා දක්වා මෙම කාන්තාව මහනුවර ප්‍රදේශයේ සුවිශේෂී ස්ථාන සංචාරය කර ජුලි 10 වැනිදා පෙරවරු 8.30 ට පමණ කඩුගන්නාව පොත්තපිටිය අලගල්ල කන්ද තරණය කිරීමට යන බව හෝටලයේ හිමිකරුට දන්වා පිටව ගොස් ඇති බව හෝටලයේ හිමිකරු කර ඇති පැමිණිල්ලේ සදහන්ව ඇති බව පොලිසිය පැවසීය.

මෙම කාන්තාව කඩුගන්නාවට පැමිණ කඩුගන්නාවේ සිට පොත්තපිටිය දක්වා ගත් ලංගම බස් රථයකින් පොත්තපිටියට ගොස් එතැන් සිට අලගල්ල කන්ද තරණය කිරීමට යන අතර තුර දමිළ ජාතිකයකු මුණ ගැසී ඔහු ගෙන් තොරතුරු විමසා ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි. 

අලගල්ල කන්ද මුදුණ නැඟ ඇති මෙම කාන්තාව ගල මුදුණේ පිහිටි සිංහගලෙන් අනෙක් පැත්තට  මාරු වීමට උත්සහ කරද්දී ගලෙන් පහළට ඇද වැටී ඇති අතර මළ සිරුරු වැටී  ඇත්තේ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ඉඩමකට බව පොලිසිය පැවසීය.

 ( ඡායාරූප පී ශාන්ත බණ්ඩාර)



අදහස් (3)

පොත්තපිටිය කන්දේ අතුරුදන් වූ ඩෙන්මාර්ක් තරුණියගේ සිරුර හමුවේ

ලුම්බිණි Friday, 14 July 2023 01:47 PM

කණගාටුදායකයි. මොනවා කරන්නද?

:       1       27

පිටිගල මිලානෝ Friday, 14 July 2023 03:50 PM

කණගාටුදායක පුවතක්.... දැන් දැන් අපේ රටේ එක්ස්ප්ලෝරිං ටුවරිසම් කියන තත්වයේ ලොකු ප්‍රවණතාවක් තියනවා. ඒ කියන්නේ සාම්ප්‍රදායික සංචාරක ප්‍රදේශ වලින් බැහැරව අලුත් ප්‍රදේශ ගවේශණය කිරීම. උදා: සොරබොර වැව, ඇල්ල ප්‍රදේශය ආශ්‍රිත බොහෝ කඳු, බදුල්ලේ නාරංගල කන්ද (දැනට මෙහි බොහෝ දේශීය සංචාරකයන් විපතට පත්ව ඇත) මින් සමහරකි. සංචාරක අමාත්‍යාංශය මේ පිළිබඳව සැලකිලිමත් වී අදාල දැනුවත් කිරීම් කළ යුතුයි. මෝඩකමට මේ ප්‍රදේශ තහනම් කරන්න නම් එපා... අර නාරංගල කන්ද වගේ... මේවා සංචාරක වටිනාකමක් ඇති ස්ථානයි..

:       1       30

දමිත් Friday, 14 July 2023 05:08 PM

තනිවම කඳු තරණය කිරීම මා අනුමත කරන්නේ නෑ... මගදී හමුවූ පුද්ගලයාද සැක සහිතයි. සැඟවුණු කතාවක් සමහර විට ඉදිරියට ඒවි. ඩෙන්මාර්ක් ජාතිකයින් ඉතා මිත්‍රශීලී විනය ගරුක ජාතියක්... හොරකම්, මැරකම් මිනීමැරුම් නොමැති රටක් බවට ප්‍රසිද්ධයි. සමහර විට ඇය සිතන්නට ඇති ලංකාවත් ඩෙන්මාක් හා සමානයි කියා. ඉතා කණගාටුදායක සිද්ධියක්...!

:       3       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site