IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පඬුකරඳ සිද්ධියට ගම්පහ අඩවින වන නිලධාරියා අධිකරණයට කැඳවයි

(ආනන්ද ඉ. ජයකොඩි සහ  අධිකරණ ටෝනි කරුණානායක)

මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ දාරළුව ප්‍රදේශයේ තිබූ පඬුකරඳ ගසක් නීතිවිරෝධීව කපා වළ දැමූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ගම්පහ මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය ගම්පහ අඩවි වන නිලධාරිවරයාට අද නොතීසි නිකුත් කළාය.

වඳවීමේ තර්ජනයට ලක්ව රතු දත්ත පොතේ නම සඳහන්ව ඇති කෲඩියා සෙලනිකා නමැති පඬු කරඳ ගසක් නීතිවිරෝධීව කපා ඉවත්කර ඇතැයි කියමින් ගම්පහ අඩවි වන කාර්යාලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට බී වාර්තාවක් මඟින් ඉකුත් දිනයේදී කරුණු දක්වා තිබිණි.

එම සිද්ධියට අදාළව නීතිඥ ලක්දිනු වීරසේකර මහතා මෝසමක් මගින් මෙම නඩුව ඊයේ (17) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

එම පඬු කරඳ ගස මහ රෑ හොර රහසේ කපා වළ දමා ඇති බවත් කැබිනට් ඇමැතිවරයකු එම ගස කපා ඉවත් කිරීම කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව කළ බවට ප්‍රකාශ කර ඇති බවත් නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මේ නීතිවිරෝධී අපරාධය කර ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වන නිලධාරීන්ට හැකියාව ඇති බැවින් ඒ සඳහා භාවිත කර ඇති යන්ත්‍ර සූත්‍ර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ගම්පහ අඩවි වන නිලධාරීවරයාට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට දන්වමින් නොතීසි නිකුත් කළාය.

පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් වෙනුවෙන් ලක්දිනු ධීරසේකර, උපුල් අබේවික්‍රම, ඇම්.ආර්. පෙරේරා, සංජය ගුණසේකර යන නීතිඥ මහත්වරු හා නීතිඥ චන්දිමා සතරසිංහ මහත්මිය අධිකරණයේ පෙනී සිටියහ.

 



අදහස් (1)

පඬුකරඳ සිද්ධියට ගම්පහ අඩවින වන නිලධාරියා අධිකරණයට කැඳවයි

Demuni de Silva Tuesday, 18 July 2023 05:04 AM

කැබිනට් ඇමතිවරුත් තනි තනිව අධිකරණය හමුවට කැදවිය යුතුයි !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site