
(යොහාන් භාසුර)
‘පොඩි මැණිකේ’ දුම්රිය පීලි පැනීම නිසා අද (28) පෙරවරුවේ අවහිර වූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
පීලි පැනීමට ලක්වූ ‘පොඩි මැණිකේ’ දුම්ර්ය පීලිගතකර පස්වරු 1.42 කට පමණ වටවල දුම්රිය ස්ථානයෙන් පිටත්කර හැරි බව ද එම නිලධාරියා කීය.
පොඩි මැණිකේ පීලී පනී
2024-06-28
13:05
(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි)
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදි පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ අද(28) උදෑසන වටවල දුම්රිය ස්ථානයට ආසන්න විමත් සමග දුම්රියේ ඉදිරිපස එන්ජිමේ රෝද කිහිපයක් පිලි පැනීමෙනි.
පිලි පැනිමට ලක් වු දුම්රිය පිලිගත කිරිමේ කටයුතු මේ වන විට දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය කියා සිටියේය.


2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පොඩි මැණිකේ’ පිළිගත කරයි
Nimal 1 Friday, 28 June 2024 01:57 PM
දුම්රිය ධාවනය යථාපරිදි සිදුවන බව පැවසූ කතාව සත්‍යයි
sam Friday, 28 June 2024 03:03 PM
හෙන්රි ෆෝර්ඩ් අභ්‍යන්තර දහන එන්ජිමකින් පළමු වරට වාහනයක් පදවන විට, රතු කොඩියක් රැගත් පෙර ගමන්කරුවෙකු ඒ රථයට ඉදිරියෙන් දිව ගිය බව කියවෙනවා. ඒක ආදර්ශයට අරගෙන, අපේ දුම්රිය දෙපාර්තමේන්තුවත්, සෑම දුම්රියකටම නැවත පීළිගත කිරීමේ කණ්ඩායමක් සහ ඊට අවශ්‍ය උපාංග සහිතව ධාවනය කිරීමට කටයුතු යෙදුවොත්, මේ ප්‍රශ්නය විසඳෙනවා නේද??
chandima Friday, 28 June 2024 10:35 PM
යකෝ මේ පින් ලන්තේ දිගටම අහෙන්නේ සුබ ආරංචිමනේ?