IMG-LOGO

පොටෝ ශාලාවේ හොර සල්ලි අච්චු ගහලා

(මොහොමඩ් ආසික්)

අලවතුගොඩ නගරයේ ඡායාරූප ශාලාවක කාමරක් තුල රුපියල් පන් දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් වටලා ව්‍යාජ 5000 මුදල් නෝට්ටු 43ක් සහ ඒවා මුද්‍රණය කිරිම සඳහා භාවිතා කළ පරිගණක උපකරණ ඇතුළු උපකරණ පොලිස් භාරයට  ගත් බව පොලීසිය කියයි.

පසුගිය උත්සව සමයේ භාණ්ඩ මිළ දී ගෙන රුපියල් 5000 නෝට්ටු මාරු කරමින් යන පුද්ගලයකු පිළිබඳව පොලීසියට ලැබුණු තොරතුරක් මත එම පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටුවක් හමු වී ඇති අතර පසුව කළ ප්‍රශ්න කිරිම් හමුවේ මෙම සැකකරු රුපියල් පන් දහසේ නෝට්ටු මාරු කරන තැරැව්කරුවකු බව හෙළිවී ඇති අතර ඔහු සතුව තිබූ තවත් රුපියල් පන්දහසේ නොට්ටු 40 ක් තිබී ඇති අතර පොලීසිය දැක ඒවා වැසිකිලි වලට දමා තිබේ. පසුව ඒවා ගොඩ ගෙන බැලීමේදී ඒවායේ තීන්ත බොඳ වී තිබූ බවත් පොලීසිය කියයි.

මෙම ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු පරිගණකය භාවිතා කරමින් මුද්‍රණය කළ බව කියන පුද්ගලයා සහ එම ව්‍යාජ නෝට්ටු සැබෑ මුදල් බවට පත් කරමින් සිටි බව කියන තැරැව්කරුද පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා 20 වනදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

 



අදහස් (0)

පොටෝ ශාලාවේ හොර සල්ලි අච්චු ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 710 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1120 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site