IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පුටින්ට අභියෝග කළ කුලී හේවායෝ පසුබසිති

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සහාය පළ කරමින්, යුක්රේන ආක්‍රමණයට සම්බන්ධ වී සිටි ‘වොග්නර්’ නමැති පෞද්ගලික කුලීහේවා බලඇණිය, පුටින් ප්‍රමුඛ රැසියන් රජය සමඟ විරසක වී, හමුදා කුමන්ත්‍රණයකට සූදානම් වුවත් පසුව එම අදහස අත්හැර දැම්මේය.

රුසියන් හමුදාවේ අතිරේක හමුදා බලඇණියක් ලෙස ද ‘වොග්නර්’ කුලී හේවායන් සැලකෙයි. ‘වොග්නර්’ බලඇණියට නායකත්වය දෙන්නේ යෙග්නි ප්‍රිගොසින්ය. රුසියානුවකු වන මොහු 90 දශකයේ සිට රුසියන් ජනාධිපති පුටින්ගේ ඉතාමත් සමීප මිතුරෙකි. ප්‍

රිගොසින් තෙල් ගනුදෙනු හරහා ධන කුවේරයකු වී සිටින අතර ඔහු බේකරි ජාලයක හිමිකරුවෙක් ද වෙයි.

පසුගිය සිකුරාදා (23) ප්‍රිගොසින් රුසියන් ආරක්ෂක අමාත්‍යවරයාටත් හමුදා ප්‍රධානීන්ටත් චෝදනා කළේය. හමුදා ප්‍රධානීන්, හිතාමතාම,  ‘වොග්නර්’ කුලී හේවායන්ගේ කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ බවටය. එම ප්‍රහාරයෙන් තම සාමාජිකයන් බොහෝ දෙනකු මියගියේ යැයි ප්‍රිගොසින් පවසා තිබේ.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාතා්‍යවරයා සහ හමුදා ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිමරීට ප්‍රිගොසින් ඉල්ලීමක් කළ ද ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණි. ඒ අනුව, යුක්රේනයේ සිටි ප්‍රිගොසින් සහ ‘වොග්නර්’ කුලී හේවායෝ දේශසීමා හරහා දකුණුදිග රුසියාවේ රොස්ටෝ වොන් ඩොන් නගරයට පැමිණියහ.

පසුගිය සිකුරාදා (23) ඔවුන් රොස්ටෝ වොන් ඩොන් හමුදා මූලස්ථානයක් ද අත්පත් කර ගත්තේය. ඉන්පසු ප්‍රිගොසින්, සිය බලඇණිය රුසියාවේ මොස්කව් අගනුවර දක්වා මෙහෙයවීමට පටන් ගත්තේ තවත් කුඩා රුසියන් නගර කීපයක් ද අත්පත් කර ගනිමිනි.

ප්‍රිගොසින් ප්‍රමුඛ ‘වොග්නර්’ සාමාජිකයන් කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇති බවත්, රුසියාවේ බලය අල්ලා ගැනීමට ඔවුන් උත්සාහ ගන්නා බවත් රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම වත්මන් ආරක්ෂක නියෝජ්‍ය ප්‍රධානී දිමිත්‍රි මෙඩ්වදේව් දොස් නගන්න විය.

රුසියන් ජනාපධිති පුටින් හදිසියේ ජාතිය අමතමින් කීවේ ‘වොග්නර්’ බලඇණිය, රුසියාවටත් රුසියානුවන්ටත් ද්‍රෝහී වූ බවය. ‘වොග්නර්’ කුලී හේවායන් ආරම්භ කළ බලය අත්පත් කර ගැනීමේ කුමන්ත්‍රණය මහා ලේ වැගිරීමක් තෙක් දුරදිග යනු ඇතැයි පුටින් බිය පළ කළේය.

අද (25) වනවිට, ‘වොල්නර්’ බලඇණිය සිටියේ මොස්කව් අගනුවරින් කිලෝ මීටර් 200 ක් පමණ දුරිනි. ප්‍රිගොසින් කියා සිටියේ තමන් හෝ තම සාමාජිකයන් හෝ මොස්කව් බලා නොපැමිණෙන බවත්, තමන් සහ පිරිස අසල්වැසි බෙලරූස් රාජ්‍යය බලා යන බවත්ය. මහා ලේ වැගිරීමකට ඉඩක් නොතබා තමන් එම තීරණය ගත් බව ද ප්‍රිගොසින් පැවැසුවේය.

තමන් රුසියන් රජයට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් ආරම්භ නොකළ බවත්, තමන් තම හමුදා මොස්කව් අගනුවරට මෙහෙයවූයේ සිදුවුණු අසාරණයට වෙනුවෙන් සාධාරණයක් අපේක්ෂාවෙන් යැයි ද ප්‍රිගොසින් වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

රුසියාවේ පමණක් නොව යුක්රේනයේ ද අසල්වැසියකු වන්නේ බෙලරූසයයි. බෙලරූස ජනාපධිති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති පුටින්ගේ සමීපතම මිතුරාය.

ප්‍රිගොසින් මොස්කව් යන ගමන වළක්වා ඔහු සහ පිරිස තම රටට ගෙන්වා ගැනීම කළේ ලුකෂෙන්කෝ යැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියන් රජයට සහ හමුදාවට එරෙහිව නැගී සිටි බැවින් ප්‍රිගොසින් සහ ඔහුගේ ‘වොග්නර්’ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් ලබා දීමට ජනාධිපති පුටින් ප්‍රතිඥා දී තිබුණි.

ලුකෂෙන්කෝ, බැවින් ප්‍රිගොසින් සහ ඔහුගේ ‘වොග්නර්’ සාමාජිකයන් බෙලරූසයට ගෙන්වා ගැනීමට කටයුතු කළේ පුටින් සමඟත් සාකච්ඡා කිරීමෙන් පසුව යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කෙසේ නමුත් බෙලරූස් රාජ්‍යයට පසුබැසීමත් සමඟ ප්‍රිගොසින්ට එල්ල වුණු සියලු අපරාධ චෝදනා ද ඉවත දැමුණි.

මේ අතර යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී කියා සිටියේ පැය 24 ක කාලයකදී ‘වොග්නර්’ බලඇණිය සහ එහි ප්‍රධානී ප්‍රිගොසින් රුසියන් ජනාධිපති පුටින් සහ රුසියන් රජයට භීතියට පත් කළ බවය.

‘වොග්නර්’ ප්‍රධානියා හෝ එම බලඇණිය මේ අයුරින් තමන්ට අභියෝගයක් වනු ඇතැයි රුසියන් ජනාපධිති පුටින් කිසිම අවස්ථාවක නොසිතන්න ඇතැයි ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පෙන්වා දුන්නේය.



අදහස් (2)

පුටින්ට අභියෝග කළ කුලී හේවායෝ පසුබසිති

Nandalal DE SILVA - France Sunday, 25 June 2023 11:10 PM

රුසියානු ආඥාදායක පුටින්ට අනුව, වැග්නර්ගේ කුලියට ගත් හමුදාවේ මෙම "අසාර්ථක ප්‍රහාරයෙන්" පසු, පුටින් කෙතරම් බියට පත් වූවාද යත්, ඔහු වැග්නර්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළේය. දැන් කවුරුවත් දන්නේ නැහැ රුසියානු ඒකාධිපතියා කොහෙද ඉන්නේ කියලා... සමහර විට ශක්තිමත් බංකරයක හෝ සබ්මැරීන් එකක, විශ්වාසදායක හමුදා මූලාශ්‍රවලට අනුව!!!

:       1       4

Lalla Monday, 26 June 2023 08:41 AM

ලංකාව වගේම තමා. ජනපති සහ ආණ්‌ඩුවට ගෑවුන අය එක එක විදියට රටේ ධනය කොල්ලකෑම...රාජපක්ෂ ක්‍රමය.....

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site