IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පුංචි සභාවල හිටපු ලොක්කන් පාවිච්චි කළ ලොකු වාහන 565 ක් හතර අතේ

(සුජිත් හේවාජුලිගේ )

පළාත් සභාවල සහ පළාත් පාලන  ආයතනවල ප්‍රධානීන් පාවිච්චි කළ වාහන 565 ක් යම් යම් නිලධාරීන් හිතුමතේ  පාවිච්චියට යොදා ගැනීම නිසා ඒවා දැඩි ලෙස විනාශයට පත්වෙමින් තිබෙන බව වාර්තා වේ.

මේ හේතුවෙන් එම වාහන අත්‍යවශ්‍යම කටයුත්තකට හැර වෙනත් කටයුතුවලට යොදා ගැනීමෙන්  වළකින්නැයි උපදෙස්දී ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා  පැවසීය.

ඉදිරියේදී පත්වන නියෝජිතයන් සඳහා බාරදීමට එම වාහන සංචිතවල තබන ලෙසටද  රාජ්‍ය අමාත්‍යවරයා  වැඩිදුරටත් දැනුම්දී ඇත.

පළාත් සභාවල හිටපු  මහ ඇමතිවරුන් , සභාපතිවරුන්, සභානායකවරුන් සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන්  පාවිච්චි කළ වාහන  225ක් සහ මහ නගර සභා නගර සභා සහ ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරුන් පාවිච්චි කළ වාහන 340 ක්  එම සභාවල නිල කාලය අහෝසිවීමෙන් පසු  ඇතැම් නිලධාරීන් පාවිච්චියට යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.

පළාත් පාලන ආයතන ප්‍රධානීන් සඳහා එම වාහන 340 ලබා දුන්නේ තම අමාත්‍යාංශයෙන්  බවත්  මෙයට අමතරව ඒවායේ අලුත්වැඩියා කටයුතුද අමාත්‍යාංශයෙන්ම  කර දුන් බවත් වක්කුඹුර මහතා කීවේය.

මෙම වාහන මෙලෙස විනාශ වුවහොත් ඉදිරියේදී පත්වන එම  සභාවල ප්‍රධානීන්ට  අමුතුවෙන් මුදල් වැයකර වාහන මිලදී ගැනීමට සිදුවනු ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දිවයින පුරා සියලුම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්වීම නිසා  එම  සභා සියල්ල දැනට පවතින්නේ නිලධාරී පාලනය යටතේය.



අදහස් (3)

පුංචි සභාවල හිටපු ලොක්කන් පාවිච්චි කළ ලොකු වාහන 565 ක් හතර අතේ

ඇලපාතගේ Tuesday, 02 May 2023 07:25 PM

ඉතින් කවදා හෝ අලුතින් මැතිවරණ තබා පත්වෙනතුරුම වාහන ගාල්කර තිබිලා අන්තිමේ දිරලා කියලා වෙන්දේසියේ අඩුම ලංසුවකට ගන්න හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්... නැත්නම් ආයතනවල ප්‍රධානීන් ඒවායේ වාඩිවෙලා රාජකාරි කළාම අලුත් දේශපාලුවන්ට ඒවායේ වාඩිවෙන්නෙ තියෙන අමාරුව මොකක්ද, නැත්නම් නිලධාරින් පස්ස තියපු තැනක දේශපාලුවන්ට පස්ස තියන්න බැරි හේතුව මොකක්ද?

:       1       13

swene Wednesday, 03 May 2023 07:06 AM

ඔය හොරුන්ට වාහන දීපු එවුනුත් හොරු

:       1       1

දියවන්නාවේ කිබුලා Wednesday, 03 May 2023 07:41 AM

මුන්ට ඔච්චර වාහන මොකටද ? ඇල්ටෝ වල පලයල්ලා. ලේලන්ඩ් ලොරි බස් වල පලයල්ලා. අපිට යන්න පුලුවන් නම් තොපිට බැරි මොකෝ. බදු සල්ලි විනාස කරනවා මිසක් තොපි වෙන වැඩක් කරන්නේ නෑනේ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site