(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ආයතනවල කම්කරුවන් 10,355 දෙනකුගේ සේවය ස්ථිර කිරීමට තීරණය කර ඇතැයි පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
මෙම පිරිසට අනියම් කොන්ත්‍රාත් සහ ආදේශක කම්කරුවන් ඇතුළත් වන බවත් පිරිස ස්ථිර කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකගවී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
තමන්ගේ සේවය ස්ථිර කරන්නැයි එම අනියම් කම්කරුවෝ දීර්ඝ කාලයක් තිස්සේ රජයෙන් ඉල්ලීම් කළහ.
පළාත් පාලන ආයතන විසුරුවා හැර ඇති තත්වය යටතේ මෙම අනියම් කම්කරුවන්ගෙන් සිදුවන සේවය සැලකිල්ලට ගෙන ඔවුන් මෙලෙස ස්ථිර කිරීමට පියවර ගන්නා බව ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් පැවසීය.
රට පුරා පළාත් පාලන ආයතන 330 ක්‍රියාත්මක වේ. මහනගර සභා 18 ක්,නගරසභාව 42ක් සහ ප්‍රාදේශීය සභා 270 ක් ඊට ඇතුළත්ය.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි සභාවල කම්කරුවන්ට සුබ ආරංචියක්