IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පුංචි සිඟිත්තා වළට වැටි මරුට

(නිශාන්ත කුමාර)

කළුගහකඳුර වැවතැන්න ගම්මානයේ පදිංචි අවුරුද්දකුත් මාස හතරක් වයසැති සිඟිත්තකු අද (08) දහවල් නිවස අසල තිබූ වතුර වළකට වැටීමෙන්  ජීවිතක්ෂයට පත්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.

දරු සිඟිත්තාගේ මව, නිවසේ සිටි තවත් කුඩා දරුවකුට දරු සිගිත්තා බලා ගන්නට බාර දී තේ දළු කැඩීමට නිවෙසින් පිටව ගොස් ඇති අතර සිඟිත්තා නිවස අසල තිබූ වතුර වළකට වැටී ඇති බවත් කුඩා දරුවා සිඟිත්තා ගොඩට ගෙන වැඩිහිටියන් හා එක්ව ඔහු රෝබේරිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිඟිත්තාගේ මරණය සැක කටයුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල පළාත් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මඩුල්සිම පොලිසිය පැවසීය.

 



අදහස් (1)

පුංචි සිඟිත්තා වළට වැටි මරුට

Lalla Tuesday, 09 July 2024 07:15 AM

කෝ දරුවගේ තාත්ත. ඕක තමා අපේ කතාව. බෝකිරීම වෘත්තීය කරගත්ත අය. දරුවන්ගේ වටිනාකමක් නෑ මේ දෙමාපියන්ට නෑ.. ජීව විද්‍යාත්මක ක්‍රියාවක අහඹු ඵලයක් පමණයි....තමුන්ට රැකවරණය දෙන්න බැරිනම් දරුවන් හැදීම නවත්තන්න නීති ඕන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site