
(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් 700කට ආසන්න පිරිසක් ආර්ථික ගැටලු හේතුවෙන් විදේශගතව ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම නාම යෝජනා දුන් අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් මියගොස් සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව අපේක්ෂකයන් පන්සියයකට ආසන්න පිරිසක් විවිධ හේතු මත පසුකාලීනව පක්ෂ මාරු කර ඇති බව මැතිවරණ නිලධාරීන්ට තොරතුරු දැන ගන්නට ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා දුන් පුද්ගලයන් පිළිබඳ විස්තර සොයා බැලීමට ඉදිරි කාලයේදී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි.
පළාත් පාලන ඇතිවරණයට අදාළව නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු අපේක්ෂකයන් සම්බන්ධයෙන් එසේ පුළුල් සොයා බැලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.
ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ඒ ඒ දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තු වෙයි.
මේ කරුණු කාරණා හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ප්‍රායෝගික ගැටලු රැසක් මතුව ඇතැයි මැතිවරණ නිලධාරීහු පෙන්වා දෙති.
පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර, ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක් ඉදිරිපත්වී සිටිති.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2036
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුංචි ඡන්ද පිටියට ආ 700ක් රට ගිහින්
රංබොඩ Tuesday, 27 August 2024 09:24 AM
රටට බොරු බරක් විතරයි.
sam Wednesday, 28 August 2024 06:10 AM
කාටද ආඩම්බර? පාලකයින්ටද? ජනතාවටද?