
(ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට )
ජාතික ජන බලවේගයේ විසින් සංවිධානය කළ "මැතිවරණයකට බියගුළු රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය වළ දමන කුමන්ත්‍රණය පරදවමු" යන තේමාව යටතේ රජයට එරෙහිව විරෝධතා පෙළපාලියක් හා ජනරැලියක් මිලානෝ නගරයේ දි පැවැත්විණි.
ජන මතේට - බය හින්දා පුංචි ඡන්දෙ - වළකනවා, ඡන්ද නැතුව - බලේ අරන් වෙවුලනවද , යන සටන් පාඨ කියමින් මිලානෝ නගරයේ පියස්සා ලීමා ස්ස්ථානයෙන් ආරම්භ කළ පෙළපාළියක් පසුව විරෝධතාකරුවන් විශේෂ පොලිස් ආරක්ෂාවක් මැද්දේ මිලානෝ ප්‍රධාන දුම්රිය පොල ( Milano Centrale ) ඉදිරිපිට පැමිණ දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විය.
මැතිවරණය නොපැවැත්වීම, රජයට විරුද්ධ සාමකාමි උද්ඝෝෂකයින්ට පොලිස් ප්‍රහාර දියත් කිරීම, විදුලිය, ගෑස්, ඉන්ධන මිල හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ නැංවීමට එරෙහිවත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කර වහා ඡන්දයක් පවත්වන ලෙසත් ලෝකයේ අනෙකුත් රටවල් ලබා දෙන්නා වූ විදුලිය, ගෑස්, ඉන්ධන සහන ජනතාවට ලබා නොදි හොරා කන බවට ශ්‍රී ලංකා රජයට චෝදනා කරමින් එම උද්ඝෝෂණය පැවැත්විය.


2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ඡන්දය ඉල්ලා ඉතාලියෙත් විරෝධතා
Senaka Tuesday, 07 March 2023 11:36 PM
අර මහ ජෙප්පා ලෝකය වටේ ගියේ ලෝකේ වටේම උද්ඝෝෂණ කරන්නද? උන්දෑ නම් ලංකාවේ කඩේකට රිංගලා බේරුණා. මේ රට ඉන්න මෝඩ සෙට් එක එහේදි අත්අඩංගුවට ගත්තොත් ඇප අරන් දෙන්න කලු කෝට් හොරු ටිකක් එහෙත් ඉන්නවාද?
Alfread (Florence) Tuesday, 07 March 2023 11:43 PM
මේ කාලකන්නි බෙර්ගමෝ වල දාස් ගණන් දවසට මැරෙනකොට ලංකාවට ඇවිත් ජීවිතේ බේරගත්තට ලංකාවෙ මිනිස්සුන්ට බේත් ටික නැති වෙනකොට ලංකාවට යූරෝ එකක් එව්වෙ නෑ අසරණ මිනිස්සු වෙනුවෙන්. දැන් එනව ලංකාවෙ ඡන්දෙ ඉල්ලගෙන. තොපි ඉන්න රටක පාඩුවෙ හිටපන් ලංකාවට පව් නොදී. ලංකාවට සල්ලි එවපු ඉතාලියෙ මිනිස්සු කවදාවත් ඔය වගේ බෝඩ් එල්ලන් ලංකාවට ලැජ්ජ කරේ නෑ. මතකනේ අරගල කාලෙ ඕව කරල කොරගත්තු හරිය..
Sherine chandrasrkara Wednesday, 08 March 2023 08:32 AM
ගොඩක් සන්තෝසයි අපේ ශ්‍රී ලංන්කිකයන් මෙ අකාරයෙන් ලොකයේ ජනතාව දනුවත් කිරෙඑම සම්බන්දව!! මුලු ලෝකයේ ම ඉන්න ශ්‍රී ලංකිකයන් කලින් වතාවල් වල වගේ ම ලෝකය ඉදිරියේ මෙය කල යුතුයි!@@ජය වෙවා!!
fairoosWednesday, 08 March 2023 12:30 PM
අනේ ඔව් ඒකයි... 2019 ඡන්දෙට ඇවිල්ලා හොඳටම කරගත්තේ...!
Bamunuarachchi Thursday, 09 March 2023 06:05 AM
නැතුව නැතුව අපි හම්බයෝ පන්නලා දැම්මා . ඒක ලොකු දෙයක්.
prasanna Wednesday, 08 March 2023 12:54 PM
ඉක්මනට චන්දෙ තියන්න .3% වැඩිවෙලාද බලන්න