
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට නීතිමය බාධාවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවේ මැතිවරණ පනත සංශෝධනය කළ වහා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරන බවයි
පළාත් පාලන මැතිවරණ පනත ලබන ජනවාරි මාසය අැතුළත සංශෝධනය කර දෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී ඇත.
පළාත් පාලන මැතිවරණ පනත හැකි ඉක්මනින් සංශෝධනය කර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.
පළාත් පාලන ආයතන සඳහා මෙයට පෙර කැඳවු නා ම යෝජනා අහෝසි කිරීම රජය පසුගියදා තීරණය කළේය.
මේ අනුව එම ආයතන වෙනුවෙන් නැවතත් නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවනු ඇත.
පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයන් අසූ දාහක් පමණ ඉදිරිපත් වනු ඇතැයි ගණන් බලා ඇත.
මේ අයගෙන් වියදම් වාර්තා එපමණ ප්‍රමාණයක් කැඳවීමට සිදුවන හෙයින් එය ප්‍රායෝගිකව දුෂ්කර කාර්යයක් වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
d
2025 නොවැම්බර් මස 04
48
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1558
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුංචි ඡන්දෙට නීතියෙන් බාධාවක්