IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පක්ෂ මාරු කරන දේශපාලකයන් එයට හේතු කියයි


 
 
විනීතා එම්  ගමගේ

 
පක්ෂ මාරු කරමින් විටින් විට එක් එක් පක්ෂවලට පනින දේශපාලකයන් තමන් පක්ෂය මාරු කළ හේතුව ජනතාවට හෙළි කළ යුතු  යැයි පැෆරල් සංවිධානය කියයි. 

එසේ හෙළි නොකරන ජනතා නියෝජිතයින් පෞද්ගලික ප‍්‍රතිලාභ වෙනුවෙන් පක්ෂ මාරු කර ඇතැයි සළකා ඔවුන් දේශපාලනයෙන් ඉවත් කරන්නට ජනතාව කටයුතු කළ යුතු යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා  පැවැසීය. 


පක්ෂ මාරු කරන බොහෝ දෙනෙක් මුදලට බලයට හෝ වෙනත් ලාභයක් මත මෙසේ පිල් මාරු කරන බව හෙළිවන නමුත් හෘද සාක්ෂීයට එකඟව තමන් කැමති දේශපාලන මතයක් දරන්නට ජනතා නියෝජිතයින්ට ඉඩකඩ තිබිය යුතු යැයි ද හෙතෙම  කියා සිටියේය. 


මෙසේ යම් යම් ප‍්‍රතිලාභ මත පක්ෂ මාරු කරන්නට ප‍්‍රධාන හේතුව වන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති වීම යැයි ද පක්ෂ අභ්‍යන්තරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීම පක්ෂ නායකයින්ගේ යුතුකම්ක් වන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය. 


එසේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීම තුළින් ජනතා නියෝජිතයින්ගේ චර්යාවන් වෙනස් කළ හැකි වනු ඇතැයි ද හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය.



අදහස් (0)

පක්ෂ මාරු කරන දේශපාලකයන් එයට හේතු කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site