IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


පක්ෂ නායක රැස්වීමේදී ඉන්ධන අර්බුදය ගැනත් සාකච්ඡා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඉන්ධන අර්බුදය සහ පාර්ලිමේන්තුවේ  ආරක්ෂාව සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද (3) සාකච්ඡා කෙරුණු බව  සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මේ අතර පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා සිට 11 වැනිදා දක්වා රැස්වීමටද එහිදී තීරණය කෙරුණු බව ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (3) පස්වරුවේ පැවැත්විණ.

අනුමත ලේඛණයේ නොමැති භාණ්ඩ පාර්ලිමේන්තුවට  ගෙන ඒම  සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවී ඇත.

බුද්ධිමය දේපළ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ලබන 8 වෙනිදා ඉදිරිපත් කිරීමටය.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 9වැනි දා ඉදිරිපත් කෙරෙනු ඇත. 

එමෙන්ම එදින විපක්ෂය විසින් ගෙන එනු ලබන   කල් තැබීමේ යෝජනාවක්ද විවාදයට ගැනීමට නියමිතය.

සේවක වන්දි ආඥාපනත (සංශෝධන) පනත් කෙටුම්පත ලබන දහවෙනිදා  සම්මත කර ගැනීමට නියමිතව ඇත. එදින සවස්වරුවේ විපක්ෂය විසින් ගෙන එනු ලබන කල් තැබීමේ යෝජනාවක්ද විවාදයට ගැනෙනු ඇත.

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 03ක් පාර්ලිමේන්තුවට ලබන එකොළොස් වැනිදා සිකුරාදා  ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙයට අමතරව  ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධන කිරීම සඳහා වූ පනත් කෙටුම්පතද මෙදින සම්මත කර ගන්නා බව සභානායකවරයා කීවේය.



අදහස් (0)

පක්ෂ නායක රැස්වීමේදී ඉන්ධන අර්බුදය ගැනත් සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site