IMG-LOGO

පක්ෂ නායක රැස්වීමක් හෙට මැතිසබයේදී

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ (පක්ෂ නායක) රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  හෙට (14) පෙරවරු 10.30ට පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ  ලබන සතියේ න්‍යාය  පත්‍රය  තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

පාර්ලිමේන්තුව ලබන සතියේ 20 වැනිදා සිට 23 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.

මේ අතර රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන මාණ්ඩලික  මට්ටමේ ගිවිසුම   සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී  තමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

පොදු ව්‍යාපාර  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු කාරක සභා  ගණනාවක් තවමත් පිහිටුවා නොමැත. එම කාරක සභා පිහිටුවීම  සම්බන්ධයෙන්ද  මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.



අදහස් (0)

පක්ෂ නායක රැස්වීමක් හෙට මැතිසබයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 529 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site