IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


නොමිනිස්කම මැද අතරමං වූ රුසියානුවා

(සමන් පාලිත නානායක්කාර)

සිය රටට පිටත් වීම සඳහා හපුතලේ සිට ගුවන්තොටුපළට යාමට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට ආ රුසියානු සංචාරකයකුට හපුතලේ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට ඉඩ නොදීම නිසා රුසියානු ජාතිකයා දැඩි අසීරුතාවයට පත් වූ පුවතක් හපුතලේ ඉන්ධන පිරවුම්හලෙන් වාර්තා වෙයි.

සිය වාහනයට ඉන්ධන නොමැති වීම නිසා ගැලුම් දෙකක් රැගෙන ඉන්ධන පිරවුම්හලට පැමිණි රුසියානු සංචාරකයාට ඉන්ධන ලබා ගැනීමට යාමේදී පැමිණ සිටි පිරිස දැක්වූ විරෝධතාව හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වී ඇත.



අදහස් (14)

නොමිනිස්කම මැද අතරමං වූ රුසියානුවා

Nihal Monday, 20 June 2022 10:11 PM

ඔහොම සංචාරකයින්ට සලකලා ඩොලර් හොයන්න බෑ. තෙල් ඔය ටිකත් ලැබෙන එක ළඟදීම ඉවර වෙයි.. ඩොලර් අපිට ලැබෙන්නේ සංචාරකයෝ නිසා. අමනුස්සකම රජවෙන කොට රටවල් මේ තත්වයට පත්වෙනවා. අල්ලපු ගෙදර කෙනා හාමතේ ඉන්නකොට පෙන්න පෙන්න කන අය අපි දැකලා තියෙනවා.

:       0       2

pakeer Monday, 20 June 2022 10:27 PM

මහ ලොකුවට කියන්නේ අපි තමයි ආගන්තුක සත්කාර හොඳටම දන්න රට කියලා.

:       0       1

Saman Monday, 20 June 2022 11:27 PM

තමුන්ගේ එකාට සලකන්නේ නැති කෙනා අනිත් අයට සලකයිද? ජාතියෙන් උතුම්ම ජාතියනේ...!

:       0       1

කිරි පුතා Tuesday, 21 June 2022 12:03 AM

දැන් නම් කියන්න දුකයි අපේ රටේ ඉන්නේ අසත්පුරුෂ, ආත්මාර්ථකාමී, අසංවර මිනිසුන්. කොතැන බැලුවත් මේ අයම තමයි පෙරමුණ අරගෙන ඉන්නේ. ධාර්මික හොඳ මිනිසුන් නිහඬව ඉවසාගෙන ඉන්නවා.

:       1       1

Perera Tuesday, 21 June 2022 05:35 AM

ආගන්තුක සත්කාරවලට බොහෝ ප්‍රසිද්ධියක් උසුලපු රටක් ලංකාව. දැන් ඒවත් වෙනස් වෙලාද කොහේද? 

:       0       1

චන්දන Tuesday, 21 June 2022 06:50 AM

විදේශිකයන් ට ලංකාව ට එන්න ලු. ආවට පස්සේ සලකන්නේ මෙහෙමයි. අපේ එවුන් ගේ තියෙන හැදියාව එයාල ඒ රටවලට පෙන්වා දෙයි. මෙහෙමත් කාලකණ්ණි .

:       0       2

de silva Tuesday, 21 June 2022 06:54 AM

මෙම තත්වයට සම්පුර්නයෙන් වගකියන්න ඔනෙ ඉන්ඩන බෙදාහරින්න ාස 2-3 සිට නිසි ක්‍රමවෙදයක් හදාගන්න බරිවුන අන්ඩුව , සංචාරකයට නිසි පහසුකම් දෙන්න බරිනම් අඩුම වශයෙන් ගුවන්තොටුපලට යන්න ඉන්දන ටිකවත් ලබගන්න ක්‍රමවෙදයක් නොමති නම් , සංචාරකයන්ට ලන්කවට එන්න කියන එකෙ තෙරුමක් නැහැ.

:       0       1

චන්දිම ෆොන්සේකා Tuesday, 21 June 2022 07:07 AM

ඉවරයි නේද අපේ රට? මේ රටේ ගොන් බුරුවන්ට තේරෙන්නේ නැද්ද ඒ රුසියන් මිනිස්සු විතරයි කවදා හරි අපට මොන දෙකින් හරි බලවත් ජාතියක් විදියට අවංකව පිහිටට ඉන්නේ කියාලා. සංචාරකයෝ විදියට මෙහෙම වත් ඩොලර් අපිට ගේන්නේ කියාලා. ඔය ෆේස් බුක් කාරයන්ට වත් බැරිද රටේ ඉන්න මේ මෝඩ මි හරක් මිනිස්සුන්ට ටිකක් තේරෙන විදියට ඕක කියල දෙන්න ඔය රුසියන් මිනිස්සුන්ට ඔහොම කරන්න එපා කියාලා. ඒ මිනිස්සුන්ගේ හිතේ මොන වගේ නරක මතයක් ඇති වෙයිද අපි ගැන? අපිට ඕනි වෙන්නේ ඉවරෙටම ඉවර වෙන්නද?

:       0       1

සුරංග Tuesday, 21 June 2022 07:29 AM

සිරිලංකාවෙ වැඩිම පිරිසක් කල්පනා කිරීමට හැකියාව නැති එවුන් බව 2019 හා 2020 මැතිවරණ වලින් දැක්කා එහෙම එවුන්ගේ ඔලුගෙඩි හැදෙන තුරු රටට වගතුවක් නැහැ

:       0       2

Bamunuarachchi Tuesday, 21 June 2022 07:34 AM

මොවුන් තමයි සිංහලයෝ. නොදකින්...!

:       0       2

janahitha Tuesday, 21 June 2022 09:44 AM

මෝඩ මිනිසුන්... සංචාරක ව්‍යාපාරයට ආර්ථික අර්බුදය අදාළ නැහැ.. විදේශිකයින්ට අප අනුග්‍රහය දැක්විය යුතුය. ඔවුන් නාවොත් රටේ ප්‍රධාන දේශීය ආදායමක් නැතිවෙලා තවත් දුප්පත් වෙනවා නොතේරෙන හැටි...

:       0       1

ටික්කා Tuesday, 21 June 2022 01:41 PM

මනුස්සකම හඳුනන්නේ නැති පිරිසකටයි මැදිවෙලා තියෙන්නේ. තෙල් ටිකක් දුන්නා නම් මොන තරම් වටිනවාද මිනිසුනේ... පිටරටක මනුස්සයෙක් නේද? කාට කියන්නද? අපිට මෙහෙම වුණු දවසක තමයි තේරෙන්නේ. මිනිස්කම දත් එකදු මිනිසෙක්වත් හිටියේ නැද්ද ඔතන...? හපුතලේ කන්ද ඇදපු අය හපුතලේම මනුස්ස ආත්ම ලබලාද කොහේද?.

:       0       8

rohana mahagamaralalge Wednesday, 22 June 2022 12:13 AM

කියලා වැඩක් නෑ.ඉතාමත් කනගාටුයි.මෝඩ මිනිසුනේ හපුතලේ........ මනුස්සකම ඉගෙන ගනිල්ලා...

:       0       1

sharm warn Wednesday, 22 June 2022 09:34 AM

මනම්පිටියේ සහ හපුතලේ වෙනස.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 534 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 321 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site